ජනපති මෛත්‍රීගේ මතට එරෙහි සටන ඉදිරියට – ලංකාවේ විශාලතම මත්කුඩු තොගයත් අල්ලයි

ජනාධිපති විශේෂ මත්ද්‍රව්‍ය වැටළීම් ඒකකය  සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) ඊයේ (23) සවස සිදු කළ විශේෂ මෙහෙයමකදී මෙතෙක් මෙරටින් සොයා ගත් විශාලතම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට සමත්ව තිබේ.

කොල්ලුපිටියේ ක්‍රියාත්මක කළ මෙම ඒකාබද්ධ වැටලීමේදී රුපියල් මිලියන 2945 කට අධික වටිනාකමින් යුත්, හෙරොයින් කිලෝග්‍රෑම් 294 ග්‍රෑම් 490ක්, සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය.

මේ අතර මීට පෙර මෙතෙක් ශ‍්‍රි ලංකාවෙන් සොයා ගත් විශාලතම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය බවට වාර්තා වූයේ දෙහිවල කවුඩාන ප‍්‍රදේශයේ පිහිටි නිවසකින් පසුගිය දෙසැම්බර් 31 වැනිදා සොයාගත් හෙරොයින් තොගයයි.

එම වැටලිමේදී සොයා ගනු ලැබු මුළු හෙරොයින් ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 278ක්. කොකේන් කිලෝග‍්‍රෑම් 05 ක් ද මෙහි දී සොයා ගැණුනා.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මත්ද්‍රව්‍ය ඡාවාරාමට එරෙහි සටන වේගවත් කර තිබෙන අතර එහි ප්‍රතිඵලයත් ලෙස අද වනවිට ලංකාවේ විශාලතම මත්කුඩු තොග අත්අඩංගුවට ගෙන තිබේ.