ජනපති මෛත්‍රී මත්ද්‍රව්‍ය කාර්යාංශයට යයි – කුඩු ගෙන ආ දෙදෙනාටත් ආවේගශිලිව අමතයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙර හදිසියේම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත පැමිණ තිබේ.

එහිදී ජනාධිපතිවරයා මෙම මෙහෙයුම සිදු කර නීළධාරින් ද ඇගයීම ද සිදු කර තිබේ.ඔවුන්ට ඉදිරි මෙහෙයුම් සාර්ථක ව කරගෙන යෑම සදහා උපදෙස් දුන් ජනාධිපතිවරයා සුභ පැතීම ද සිදු කරන ලදී.

මේ අතර ඉන්පසුව ජනාධිපතිවරයා කුඩු තොගය ගෙන ආ දෙදෙනාව බැලීමට ගොස් ඇති අතර එහිදි ආවේගශිලිව ජනාධිපතිවරයා විසින් ඔවුන්ව අමතා තිබේ.

එහිදි ජනාධිපතිවරයා හට තරමක් කේන්ති ගොස් ” තමුසෙලා දැනගන්නවා, ඔය වසංගත ගෙනත් මේ රටේ ඉන්න අහිංසකයො බිලී බාගන්න වැඩි කාලයක් මං ඉඩදෙන්නෙ නෑ. ඔහොම යමුකෝ ” යනුවෙන් පවසා ඇත

මෙවැනි ආකාරයේ සමාජ වීරෝධී ක්‍රියාවන්ට ප්‍රතිඵල විදිමට සිදු වනු ඇති බව ද ජනාධිපතිවරයා දැඩි ආවේගයෙන් ඔවුන්ට පවසා තිබේ.