රනිල්ට,සාගලට,මද්දුම බණ්ඩාරට අල්ලන්න බැරි වුණ කුඩු මෛත්‍රී ඇල්ලුවේ ‌කොහොමද?

2015 ජනවාරි 08 ඓතිහාසික ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසුව බලයට පත් වන ජනාධිපති මෛත්‍රීට රට වෙනුවෙන් ඉටු කළ යුතු වැඩ ගණනාවක් තිබුණි.යහපාලනය,වංචාව දූෂණය පිටු දකින සමාජයක් සහ මතින් තොර රටක් වෙනුවෙන් තම ජනවරම ක්‍රියාත්මක කිරිම ය.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු ගජ මිතුරු කල්ලියේ උවමනාවට සිදු වූ මහ බැංකු බැදුම්කර වංචාවෙන් හේතුවෙන් වංචාව සහ දූෂණයෙන් තොර රටක සුවහසක් ජනතාවගේ බලාපොරොත්තු සුන් විය.ජනාධිපතිවරයා එජාපය ගෙන යන දූෂිත රාජ්‍ය පාලනයට විරුද්ධව කටයුතු කරනු ලැබීය.හඩ නැගීය.බොහෝ තැන් වලදී ඔහු සාර්ථක විය.

මතින් තොර රටක් බිහි කරන ජනාධිපතිවරයාගේ උදරතර සංග්‍රාමයේ කූට ප්‍රාප්තියට මෙවවනවිට ලගා වෙමින් පවතී.රනිල් වික්‍රමසිංහට,සාගල රත්නායක,තිලක් මාරපනට,රංජිත් මද්දුම බණ්ඩාරට නීතිය හා සාමය ඇමතිවරයාව සිටියදී මත්ද්‍රව්‍ය මර්දනය කල නොහැකි වූයේ ඇයි?

එසේ වූයේ ඔවුන් යටතේ ලංකාවේ බලගතු මත්ද්‍රව්‍ය ඡාවරම්කරුවන් රැකවරණය ලැබීම ය.ඔවුන්ගේ ඡන්දවලට එම ඡාවාරම්කරුවන් මුදල්-හදල් යහමින් වියදම් කිරිම ය.එසේ වනවිට ඔවුන්ට එයට එරෙහිව යා නොහැකි විය.ශ්‍රි ලංකාවේ දෙවන යුද්ධය වූ මත්ද්‍රව්‍ය යුද්ධය ලත් තැන ලොප් විය.

අවසානයේ මීට මාස 03කට පෙර ජනාධීපතිවරයා එජාප ආණ්ඩුවෙන් එළියට පැමිණ යුධ ප්‍රකාශ කිරිමත් සමග පවරාගත් නිතිය හා සාමය අමාත්‍යාංශය දැන් වැඩ පෙන්වමින් සිටී.

පොලිස් විශේෂ කාර්ය බලකාය,පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය එකතු කරගනිමින් ලංකාවේ දැවැන්තම මත්කුඩු ඡාවාරම්කරුවන් සහ එම මත්කුඩු ඇල්ලීමේ මෙහෙයුම සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.එසේ වනුයේ ජනාධිපතිවරයා මෙම මෙහෙයුම්වලට ඇගිලි නොගැසීමත්,ඔවුන්ට ශක්තියක් වෙමින් උපදෙස් දෙමින් විධායකයේ නායකයා ලෙස ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබා දීම ය.

අවසානයේ දැන් ජනාධිපති මෛත්‍රී මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබා දීමේ දැන් දින ප්‍රකාශ කිරිමට සූදානමින් සිටී.

එ සදහා මුළු මහත් සමස්ත ජාතියක් ඒ දිනය උදාවනතුරු බලා සිටී