ලංකාවේ උසම තැනින් රූකාන්ත ඉල්ලන් කයි – තරු හදන්න ගිය එජාප සංවිධායකයාට තරු පෙනෙයි

එක්සත් ජාතික පක්ෂයේ දඹදෙණිය ආසන සංවිධායක, ජනප්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතාට හා ඔහුගේ මෝටර් රථයට පහර දීමක් සිදුව ඇතැයි වාර්තා වේ.


අදාළ පහර දීම ඊයේ රාත්‍රියේ දී සිදුව ඇති අතර, එයට ආසන්නතම හේතුව වී ඇත්තේ පෞද්ගලික නාලිකාවක පැවති එක්තරා රියැලිටි වැඩසටහනක් විනිශ්චය කිරීමට යාමේ දී ඇති වූ බහින් බස් වීමක් බවද වාර්තා වේ.


අදාළ රියැලිටි වැඩසටහනින් ඉවත් වූ ගායකයෙකුගේ ආධාරකරුවන් පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවද ආරංචිමාර්ග සඳහන් කරයි.


ඊයේ රාත්‍රියේ 9.30 ට පමණ බොරලැස්ගමුව ප්‍රදේශයේදී සිදු වූ මෙම පහරදීම හේතුවෙන් රූකාන්ත ගුණතිලක මහතාට හෝ ඔහුගේ රථයට දැඩි අලාභ සිදු වී නොමැති බව පොලීසිය සඳහන් කරයි.