කොකේන්වලට ඇබ්බැහි වූ පිරිස අතර එජාප මන්ත‍්‍රීවරියකුත්

තමන් හෙළි කළ විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ මන්ත‍්‍රීවරුන් අතර එජාප මන්ත‍්‍රීවරියක් ද සිටින බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා.

ඉදිරියේදී මෙම අනාවරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගෙන් ප‍්‍රකාශයක් ලබාගැනීමට ද නියමිත බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

කෙසේ නමුත් ආරංචි මාර්ග පවසන්නේ පසුගිය දිනවල ඩිෆෙන්ඩර් රථයකින් දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයකු අතුරුදන් කල මන්ත්‍රීවරියක් පිළිබඳව රන්ජන් රාමනායක මහතා මෙම අනාවරණය කල බවයි.

මේ අතර කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් ද සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයේ වාර්තාව ඊයේ (25) පස්වරුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත භාරදෙනු ලැබුවා. ඒ, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින්.