කෝටි 10ක මත්කුඩු හෙට්ටිපොලෙන් අත්අඩංගුවට

රුපියල් කෝටි 10කට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ පුද්ගලයකු කුලියාපිටිය හෙට්ටිපොළ මාර්ගයේ කුඹුරුපොළ හන්දියේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් (28) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මෙම මත් කුඩු තොගය යතුරු පැදියකින් රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කුලියාපිටිය නාගොල්ලාගොඩ අඹගමකුඹුර පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු බව පැවසේ.

දැනට බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් බව කියන මෙම මත්කුඩු තොගය සැකකරු විසින් ප්‍රවාහනය කර බෙදාහැර ඇතැයි පොලිසිය කියයි.