බිග් මැච් උණුසුමට මුවාවුණ සිසුන් බම්බලපිටියේ බාලිකා පාසලකට පැමිණ යකා නටයි…! (VIDEO)

මේ දිනවල පවතින බිග් මැච් උණුසුමට මුවා වෙමින් කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා විදුහලකට කඩා වැදුනු පාසල් දෙකක සිසුන් 34දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා.  අදාල බාලිකා විදුහලට කඩා වැදුනු සිසුන් පිරිස රතිඤ්ඤා දල්වමින් එහි දේපළවලට හානි කර ඇති අතර  ඒ හේතුවෙන් විදුහලේ ගේට්ටු දෙකකට, පාසල් වාහන කිහිපයකට සහ දේපළ රැසකට අලාභ හානි සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

ගල්කිස්ස සහ බම්බලපිටිය ප්‍රදේශයේ පාසල් දෙකක සිසුන් පිරිසක් වාහන කිහිපයකින් පැමිණ මෙලෙස කළහකාරී ලෙස හැසිරුණු බවට බාලිකා පාසලේ විදුහල්පතිවරයා කරන ලද පැමිණිල්ලට අනුව පොලිසිය මෙම සිසුන් පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර බම්බලපිටිය ප්‍රදේශයේ  ප්‍රසිද්ධ බාලිකා පාසලකට කඩා වැදුනු තවත් පාසල් සිසුන් පිරිසක් එහි කළහකාරී ලෙස හැසිරෙමින් පාසලේ දේපල වලට හානි සිදුකර තිබෙනවා. කෙසේ වෙතත් පොලිස් නිළධාරීන් විසින් ඔවුන් පළවා හැරීමට අවශ්‍ය පියවර ගත් අතර එම අවස්ථාවේ වීඩියෝ දර්ශන වන විට සමාජ ජාලා මාධ්‍ය හරහා දැඩි කතාබහකට ලක්වෙමින් පවතිනවා.

එම වීඩියෝව පහතින්

SHARE