මහනුවර පොහොට්ටු රැලියට මම එන්නේ නෑ – ගෝඨාභය රාජපක්ෂ

අවස්ථාව පැමිණෙන තුරු තමන් දේශපාලන වේදිකාවට නොපැමිණෙන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියි. ඔහු පවසන්නේ දේශපාලනයට පැමිණීමට තමා බලාපොරොත්තුවෙන් සිටින බවත් නමුත් ඒ සදහා නිසි වෙලාව පැමිණ නැති අතර එය තීරණය කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා මිස තමා නොවන බවද පවසයි.

තමා මහනුවර පැවැත්වෙන රැලියේ වේදිකාවට ගොඩවන බවට පැතිර යන කටකතා පිලිබදව අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් දැක්වීය. කොළඹ දී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.