මහින්ද,ජවිපෙ එකතු වෙයි – මෛත්‍රී,මහින්ද දැවැන්ත සන්ධානයට තවත් ඇරඹුමක්

ජනතා විමුක්ති පෙරමුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වීම සදහා මේ වනවිට තීරණාත්මක සැලසුම් සකස් කරමින් සිටින බව වාර්තා වේ.

ඒ ජවිපෙ මතය වී තිබෙන්නේ මෙ මොහතේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිම සදහා වන සටනට නායකත්වය දිය හැකි පුද්ගලයින් දෙදෙනෙක් වන අතර එක් අයෙකු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය වන අතර අනෙකා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ය.

මෙම දෙදෙනොගෙන් දැනට සක්‍රීය දේශපාලනයේ නිරතව සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා වීමත් ඔහුට යළි ජිවිතයේ කිසිදු දිනෙක විධායක ජනාධිපති ධූරය දැරිය නොහැකි වීම හේතුවෙන් යන කාරනා පදනම් කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂ පාර්ශ්වය සහ ශ්‍රිලනිපය සමග ඒකාබද්ධ වීමට වන බව විශ්වසනීය දේශපාලන මාර්ග පවසා සිටී.

මේ අතර එලඹෙන මෙරට අවසන් ජනාධිපතිවරණයේදී ජවිපෙට එජාපයට සහාය දීමට නොහැකි තත්වය හේතුවෙන් සහ ජවිපෙ ඡන්ද පදනම එජාපය හේතුවෙන් දියාරු වීම නිසා මෙම නවතම දේශපාලන සැලසුම කෙරෙහි ජවිපෙ අවධානය යොමු ව තිබේ.