ජනපති ඝාතන කුමන්ත්‍රණයේ නාලකට එරෙහි සාක්ෂි ප්‍රමාණවත් – අධිකරණය

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රභූන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට සැකපිට අත්අඩංගුවේ පසුවන නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත්ව පවතින බව නීතිපතිවරයා වෙනුවෙන් (06) අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැවසීය.

සිද්ධියට අදාල නඩු විභාගය කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳවා තිබූ අතර නාලක ද සිල්වා මහතාට එරෙහිව පවතින සාක්ෂි මොනවාද යන්න අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අපරාධ පාරීක්ෂණ දෙපාරතමේන්තුවට නියෝග කළේය.

එම සාක්ෂි සම්පින්ඩණ වාර්තාව ලබන 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේය.

අද පැවති නඩු විභාගයේදී විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නිතීඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවා දායකයා අත්අඩංගුවේ තබා ගැනීමට ප්‍රමාණයත් සාක්ෂි ගොනුවී නොමැති බවයි.

නමුත් නිතීපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනීසිටි  නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා පවසා සිටියේ ප්‍රමාණවත් සාක්ෂි ගොනුව ඇති බවත් එම සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කරන බවත්ය.