නටන්න හදන්න එපා…!‌කොනක ඉදන් ගහන්නේ…! ‌පොහොට්ටුවෙන් බැසිල්ට දැඩි අවවාද…!

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපය මේ වනවිට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විවේචනයට ලක්වී ඇති බව විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය දිනවලදී අනාගත දේශපාලන සැලසුම් පිළිබඳව හිටපු ජනාධිපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම්වලදී බැසිල් රාජපක්ෂ මහතා හා උදය ගම්මන්පිල මහතා අතර ඇති වූ උණුසුම් තත්ත්වයත් සමග බැසිල් රාජපක්ෂ මහතා විසින් දිගින් දිගටම හිටපු ජනාධිපතිවරයාත් වත්මන් ජනාධිපතිවරයාත් අතර ඇතිවී ඇති යුඑන්පි විරෝධී පුළුල් දේශපාලන සම්මුතියට විරුද්ධව කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කරයි.

එහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශකර සිටියේ 2015 ජනාධිපතිවරණයේදී පරාජයට හේතුව බැසිල් රාජපක්ෂ මහතා බවත්, එම පරාජයෙන් පසුව ඔහු රටින් පැනගොස් ඇමරිකාවේ සැඟවී සිටි බවත්ය. එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ, නැවත වතාවක් බැසිල් රාජපක්ෂ මහතා එවැනි විනාශයකට සිදානම් වන්නේ නම්, ඔහු විසින් පසුගිය රජය සමයේ හා ඉන් පසුවත් සිදු කල සියලු වංචා දුෂණ හා අක්‍රමිකතා ප්‍රසිද්ධ මාධ්‍යයේ හෙළි කරන බවයි.

එනිසා වහාම බැසිල් රාජපක්ෂ මහතා විසින් මෛත්‍රී මහින්ද සුසංයෝගයෙන් රට ගොඩගැනීම සඳහා සෑදෙන පුළුල් සන්ධානයට සහය පළකල යුතු බව එම මන්ත්‍රීවරයා දැඩි ලෙස අවධාරණය කළේය.
මේ පිලිබඳ තවත් තොරතුරු බලාපොරොත්තු වන්න.