ලොකේෂන් බලන්න යද්දී කුඩු සමග අත්අඩංගුවට පත්වූ ලාබාල රංගන ශිල්පිණියට දඬුවම්…!

පසුගිය දින පොලිස් මෙහෙයුමකදී මත්කුඩු සමග අත්අඩංගුවට ගනු ලැබූ ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට සහය නිළියට ගම්පොළ මහෙස්ත‍්‍රාත්වරයා විසින් රුපියල් දස දහසක දඩයක් හා වසරක සිර දඬුවමක් නියම කොට එය වසර 20 කට අත් හිටුවීය.

මෙම සහය නිළිය සමග ටෙලිනාට්‍ය හා චිත‍්‍රපට පසු තල නිර්මාණකරුවකුද මත් කුඩු සමග අත්අඩංගුවට ගෙන ඇති අතර මොහුටද මහෙස්ත‍්‍රාත්වරයා විසින් රුපියල් දස දහසක දඩයක් නියම කොට ඇත. 

උඩුනුවර ගම්හත බඹරදෙනිය ප‍්‍රදේශයේදී පොලිසිය මගින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් දෙදෙනා සමග තවත් කිහිප දෙනකු දර්ශන පසුතල (ලොකේෂන්) සොයා පැමිණි අවස්ථාවේ ඇති වූ සැකයක් මත සිදු කළ පරීක්‍ෂාවේදී දෙදෙනා ළඟ හෙරොයින් තිබී මෙසේ හසු වී ඇත.

ඉතා ලාබාල වයසේ පසුවන මෙම සහය නිළිය ඇගේ පෙම්වතා නිසා හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූ බව පවසා ඇත. ඇය මාස 6 ක් පුරා මෙසේ හෙරොයින් භාවිතයට තදින් ඇබ්බැහි වී ඇති බවද සඳහන් කොට ඇත.

දර්ශන තල බැලීමට යන දිනවල මෙම පසුතල නිර්මාණකරුවා කොළඹ සිට හෙරොයින් රැගෙන විත් තමාට ලබා දෙන බවද ඇය පොලිසියට පවසා තිබේ.