වෙසක් ‌පෝයට ‌පෙර කසිප්පු ලංකාවෙන් අතුගා දමන්න..! ජනපතිගෙන් ‌පොලිසියට නියෝග

වෙසක් පෝයට පෙර එනම් ඉදිරි මාස තුන ඇතුළත කසිප්පු මත්ද්‍රව්‍යය රටින් තුරන් කිරීමට කටයුතු නොකළොත් පොලීසිය වැඩබැරි ආයතනයක් ලෙස සළකන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ත්‍රස්තවාදීන් පරාජය කළ ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට කසිප්පු පාලනය කිරීම පහසු කටයුත්තක් බවද ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී (5) ඇරඹී මත්ද්‍රව්‍ය පාලනය සදහා නව ජාතික සැලැස්මක් සැකසීමේ සමුළුව අමතමිනි.

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය සදහා ජාතික වශයෙන් කි්‍රයාත්මක කිරීමට නියමිත නව වැඩපිළිවෙළ හෙට රටට හදුන්වා දෙන බව ජනාධිපතිතුමා පවසයි.

හෙට පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැත්වෙන සාකච්ඡාවේ දී එම වැඩපිළිවෙළ පිළිබද හදුන්වාදීමක් සිදුකරන බව ජනාධිපතිතුමා සදහන් කළේ ය.
මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ ති්‍රවිධ හමුදාවේ, පොලිසියේ සහ රේගු, සුරාබදු, වෙරළාරක්ෂක යන සියලූ ආයතනවල මනා සම්බන්ධීකරණයෙන් යුතු ව කි්‍රයාත්මක කරන එම නව වැඩපිළිවෙළ මගින් මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළේ වඩා අලූත් පියවර රටටත්, ජනතාවටත් දැක ගැනීමට හැකිවනු ඇති බවයි.

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට අදාළ නීති රීති කි්‍රයාත්මක කිරීමේ දී මානව හිමිකම් පිළිබද කතාකරන ඇතැම් පිරිස් විසින් සිදුකරන බාධාවන් පිළිබදව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ රටක් යහපත් රටක් ලෙස ගොඩනැගීමට නම් ප්‍රතිපත්ති, දර්ශනයන් මෙන්ම දණ්ඩනය ද කි්‍රයාත්මක විය යුතු බවයි. විනයගරුක සමාජයක් හා යහපත් සංස්කෘතියක් පිළිබද අපගේ පෞඩ ඉතිහාස කතාව ලියැවී ඇත්තේ අතීතයේ ද අධ්‍යාත්මික වටිනාකම් සමග දණ්ඩනය ද කි්‍රයාත්මක වූ නිසා බව ජනාධිපතිතුමා සිහිපත් කළේය.

ග්‍රාමීය වශයෙන් ව්‍යාප්ත ව ඇති නීති විරෝධි මත්පැන් මර්දනය වෙනුවෙන් කි්‍රයාත්මක වැඩපිළිවෙළ පිළිබදව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා ලබන වෙසක් පොහොය දිනය වන විට ග්‍රාමීය වශයෙන් පවතින නීති විරෝධි මත් පැන් මුලිනුපුටා දැමීමේ වැඩපිළිවෙළ අවසන් කළයුතු බවට පොලිස්පතිවරයා වෙත උපදෙස් දුන්නේ ය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සදහා තම මගපෙන්වීමෙන් ස්ථාපනය කෙරුණු විශේෂ අධිකාරියෙහි කටයුතු ද ඉදිරි මාස 03 තුළ කි්‍රයාවට නංවන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම පිටුදැකීම හා නිවාරණය උදෙසා විද්‍යාත්මක ක්‍රමෝපායන් පුථල්ව සමබරව සහ මනා සම්බන්ධීකරණයකින් යුතුව යොදාගැනීම පිළිබදව මෙම විද්වත් සමුථවේ දී පුථල් වශයෙන් අවධානය යොමු කෙරේ.

අද සහ හෙට දෙදින පැවැත්වෙන සමුථව සදහා විවිධ ක්ෂේත්‍රවල දෙස් විදෙස් ප්‍රවීණයින්, විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් එක්ව සිටින අතර, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සමුථව සංවිධානය කර තිබේ.

මෙහිදී ජනාධිපතිතුමා අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපතිවරයා වෙත වැඩිදුරටත් උපදෙස් දුන්නේ මෙම සමුථවේ දී ගන්නා සියලූ තීන්දු තීරණ පිළිබද තමා දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසයි. ජාතික වැඩසටහන් කි්‍රයාත්මක කිරීමේ දී විද්වතුන්ගේ, විශේෂඥයන්ගේ සහ ක්ෂේත්‍රයේ ප්‍රවිණයන්ගේ උපදෙස්, මගපෙන්වීම් සහ මාර්ගෝපදේශනයන් තම රජය ඉහළින් පිළිගන්නා අතර ඒවා කි්‍රයාත්මක කිරීමට බැ`දී සිටින බව ද ජනාධිපතිතුමා සදහන් කළේය.

මීතිරිගල නිස්සරණ ආරණ්‍යයේ ප්‍රධාන ධර්මාචාර්ය අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව නායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද ඇමතිණි තලතා අතුකෝරල, රාජ්‍ය අමාත්‍ය රුවන් විෙජ්වර්ධන. පොලිස්පති පූජිත ජයසුන්දර, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති මහාචාර්ය සමන් අබේසිංහ යන මහත්වරුන් ඇතු`ථ පිරිසක් සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.