කිලෝග්රූම් 150 හෙරෝයින් තොගයක් STF අල්ලයි

STF මෙහෙයුමකින් හෙරෝයින් කිලෝග්‍රෑම් 150 අධික තොගයක් මොරටුව, රාවතාවත්තේ නිවසකින් සොයා ගැනීමට සමත් ව තිබේ.

මෙලෙස සොයාගත් තොගය රුපියල් මිලියන 1800ක වටිනාකමකින් යුක්ත වන බව පොලිසිය කියා සිටී.

මේ බව කියා සිටියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා විසින් ය.

ඒ අනූව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මතින් තොර රටක් බිහි කිරිමේ වැඩ පිලිවෙල සාර්ථකව ඉදිරියට යමින් පවතී.