පාතාලය සුනේ සුන් – ජනපති අණින් විශේෂ බලකයාට විශේෂ ගිනි අවි 1000ක්

පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රයෝජනය සඳහා අලුතින් නවීන පන්නයේගිනිඅවි දහසකට (1000)කට ආසන්න සංඛ්‍යාවක් ඇමරිකාවෙන් මිලදී ගැනීමට පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

මත්ද්‍රව්‍යජාවාරම්හා සංවිධානාත්මක අපරාධමැඩලීමට සුවිශේෂි කාර්යයක් ඉටුකරන පොලිස් විශේෂ කාර්ය බළකායේ එම කටයුතු තවත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම නවීන පන්නයේගිනිඅවි ඇමරිකාවෙන් මිලදී ගැනීමට තීරණය කර තිබෙන බව පොලිස් මූලස්ථානයේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.

එම්. 16වර්ගයේ ගිනිඅවි500ක් ද එම්.පී. 05 වර්ගයේමැෂින්ගන්අවි250ක් සහ පිස්තෝල200ක්මෙසේ මිලදී ගැනීමට නියමිතව තිබෙන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මත්ද්‍රව්‍යජාවාරම් සහ සංවිධානාත්මක අපරාධමැඩලීම වේගවත් කිරීමට පොලිස් බලධාරින්ට උපදෙස් ලබාදී ඇත.