16 දැරියක් සහ 38 හැවිරිදි පුද්ගලයෙකු ලැගුම්හලකදී මාට්ටු – ලැගුම්හලේ කළමණාකරුට 17 යි

කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ බඩගමුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ලැඟුම්හලක සිටි 16 හැවිරිදි බාල වයස්කාර දැරියක් සහ 38 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා. කුරුණෑගල නීතිය බලගැන්වීමේ ඒකකය විසින් සිදුකළ වැටලීමකදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අදාළ ලැඟුම්හලේ කළමණාකරු ලෙස කටයුතුකරමින් සිටි 17 හැවිරිදි තරුණයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

මෙම වැටලීම සිදුකරන අවස්ථාවේ ලැඟුම්හලේ හිමිකරු පලාගොස් ඇති අතර  අත්අඩංගුවට ගැණුනු බාල වයස්කාර දැරිය කැකිරාව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන බවයි සඳහන් වන්නේ.  අත්අඩංගුවට ගත්  38 හැවිරිදි පුද්ගලයා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එසේම අත්අඩංගුවට ගත් බාල වයස්කාර දැරිය මීට පෙර අවස්ථා කිහිපයකදීම විවිධ පුද්ගලයින් සමඟ මෙම ලැඟුම්හල වෙත පැමිණ ඇති බවටද තොරතුරු අනාවරණය වූ බව කුරුණෑගල නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරියෙකු සඳහන් කළා.