2020 ජනපති සටනට ජනපති ‌මෛත්‍රි..! දයාසිරි ජයසේකරගෙන් ප්‍රකාශයක්…!

ජනාධිපති අපේක්ෂකයා ලෙස වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ඉදිරිපත් කරන බව තමන් බය නැතිව ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරයි.

හම්බන්තොට අගුණකොළපැලැස්සේ ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

” අද මෛත්‍රී ජනාධිපතිතුමාට විශාල ගෞරවයක් ආදරයක් මිනිස්සුන්ගෙ ක්‍රමානුකූලව ගම ඇතුලෙ හැදෙමින් තියෙනව… තව මාස දෙක තුනක්.. එතුමත් බොහොම හොඳට සූත්‍ර දන්න කෙනෙක්නෙ.. එතුමත් හිමීට හිමීට මේක වයින් කර කර තමයි ඉන්නෙ.. එන්න කියන්නකො ජනාධිපති අපේක්ෂකවරුන්ටත්.. අපි බලාගන්නම් ඉතුරු ටික..” යැයි වැඩි දුරටත් අදහස් දැක්වූ මහ ලේකම් වරයා පැවසීය.

ජනාධිපතිවරයා තව මාස හතරක් පහක් යනවිට එය ක්‍රමාණුකූලව ඔසවනු ඇති බවද තමන් බය නැතුව තම අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන බව ප්‍රකාශ කරන බවද ඔහු පැවසීය..

ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංක පොදුජන පෙරමුණ හා සන්ධාන ගතවිය යුතු බවයි. එසේ නොමැතිනම් තිනිවම ගොස් හැකි නම් ජය ගන්න ලෙසද ඔහු පොදුජන පෙරමුණට අභියෝග කලේය.