කොස්තාපල්ගේ පහර කෑමෙන් මන්ත්‍රීවරයෙකු රෝහලේ

පොලිස් නිලධාරියකු වශයෙන් පෙනී සිටි පුද්ගලයකුගේ අමානුෂික පහර කෑමකට මුහුණ දුන් නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී සිසිල් වික්‍රමසිංහ මහත මාරවිල මුලික රෝහලට ඇතුළත් කර ඇති බව මාරාවිල පොලිසිය කියයි.

එම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු ද වන ඒ මහතා මෙවර ශ්‍රී ලංකා පොදුජන පක්ෂ මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්වී ඇත.

මේ වන විට රෝහල් ගත වි ඇති විකුමසිංහ මහතා ඊයේ රාත්‍රී සිය මෝටර් රථයෙන් මාරවිල හන්දිය වෙත පැමිණි අවස්ථාවේ දී බීමතින් සිවිල් ඇදුමින් සැරසී පැමිණි පුද්ගලයෙක් තම යතුරුපැදියට ඉස්සර කර යාමට ඉඩ නොදුන්නේ යැයි කියමින් ප්‍රසිද්ධියේ තමන්ට පහර දි පලා ගිය බව වික්‍රමසිංහ මහතා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

වික්‍රමසිංහ මහතාට පහර දුන් අය මාරවිල පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවය කරන බවත් ඔහු  අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවත් උසස් පොලිස් නිලධරයකු පැවසීය.