ජනපති මෛත්‍රීගේ අප්‍රහිත වෑයමෙන් ලෝක උරුමයක් වන ත්‍රිපිටකය

ශ්‍රී ලාංකේය ථෙරවාද බෞද්ධ සම්ප්‍රදායයේ මූලාශ්‍ර ග්‍රන්ථ වශයෙන් හැඳින්වෙනුයේ පාළි ත්‍රිපිටක ග්‍රන්ථයි. පළමු වැනි සංගායනාවේදීම ත්‍රිපිටකය සූත්‍ර විනය අභිධර්ම වශයෙන් සංග්‍රහ කරන ලදි. මේ එක් එක් කොටස් ආරක්ෂා කරමින් පවත්වාගෙන යෑමේ වගකීම පළමු සංගායනාවේ දී ම ඒ ඒ ආචාර්ය පරම්පරාවන්ට භාර විය.

මතකයේ රඳවා ගනිමින් කටපාඩමෙන් පවත්වාගෙන ආ ත්‍රිපිටකය ක්‍රිගවග පළමු වැනි සියවසේ දීල වළගම්බා රජුගේ දෙවැනි රාජ්‍යප්‍රාප්තියට ආසන්න කාලයක මාතලේ ආලෝක විහාරයේ දී ග්‍රන්ථාරූඪ කරන්නට යෙදිණි. මේ වනාහි මිනිසා ඇතුළු සත්ත්ව සංහතියේත් ගහකොළ සහිත පරිසරයේත් චිර පැවැත්මට ඉතා ම හිතකර වූ ආගමික ඉගැන්වීමක් ලෙස පිළිගැනේ.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පරම ගම්භීර ශ්‍රී සද්ධර්මය සූත්‍ර පිටකය වේ. සුත්‍ර දේශනා දාහත් දාහකට වඩා මෙහි අන්තර්ගත ය. එය දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය සහ ඛුද්දක නිකාය වශයෙන් කොටස් පහකින් සමන්විත ය.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූ සංඝයා වෙත දේශනා කරන ලද සංවර ශීල දේශනා විනය පිටකය ලෙස හැඳින් වේග එම දේශනා පාරාජිකා පාළි, පාචිත්‍ය පාළි, මහා වග්ග පාළි, චුල්ල වග්ග පාළි සහ පරිවාර පාළි යනාදි වශයෙන් ප්‍රධාන කොටස් පහකට බෙදා වෙන්කර ඇත.

අසූ හාරදහසක් වන ශ්‍රී සද්ධර්මයෙන් ධර්මස්කන්ධ හතළිස් දෙදාහක් ම අයත් වන්නේ මේ අභිධර්ම පිටකයටයිග මෙහි අන්තර්ගත වනුයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ ශ්‍රී සද්ධර්මයෙහි ගැඹුරු දහම් කොටස් ය. එම දේශනා ප්‍රධාන කොටස් හතකට බෙදා වෙන්කර ඇත. ඒවා ධම්‌මසඞ්‌ගණී ප්‍රකරණය, විභඞ්‌ග ප්‍රකරණය, ධාතුකථා ප්‍රකරණය. පුග්‌ගලපඤ්‌ඤත්‌ති ප්‍රකරණය, කථාවත්‌ථු ප්‍රකරණය, යමක ප්‍රකරණය සහ පට්‌ඨාන ප්‍රකරණය යනාදි වශයෙන් ප්‍රධාන කොටස් හතකට වෙන්කර ඇත.

ලෝක සත්වයා මුහුණපාන අභියෝගවලට හොඳ ම ආධ්‍යාත්මික විසඳුම් සහිත ඉගැන්වීමක් ලෙස බුදුදහම ලෝක ප්‍රජාව හමුවේ අද ඉතා වේගයෙන් ප්‍රචලිත වෙමින් පවති. මේ නිසා ම විරුද්ධවාදි බලවේගවල ප්‍රධාන ඉලක්කයක් බවට බුදු දහමත් එය අනුගමනය කරන පිරිසත් පත් ව ඇති මොහොතක මෙහි පිවිතුරුභාවය සුරකිමින් එය තවත් කාලාන්තරයක් සුරක්ෂිත කිරීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සමස්ත බුද්ධ දේශනාව නම් වූ ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන්නට යෙදිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද මේ උතුම් ධර්ම දායාදය පැසසුමට ලක්වූයේ මෙරට බෞද්ධ ජනතාව අතර පමණක් නො වේ. ථෙරවාද බුදදහම අදහන සමස්ත ලෝකවාසි බෞද්ධ ජනතාවගේ ම විමසුමට හසුවූ ත්‍රිපිටකයල ලෝක උරුමයක් බවට පත්කරන්නට ද ජනාධිපතිවරයා පියවර ගැනීම වූ කලි ලෝක බෞද්ධ ජනතාවගේ ම ප්‍රසාදයට හේතු වන කරුණකි.