ක්‍රයිස්චර්ච් ඝාතකයා අධිකරණයට එයි- වැඩේ හරියට කළ බව සංඥා කරයි

නවසීලන්ත ක්‍රයිස්චර්ච් නගරයේදී ඊයේ දිනයේ පල්ලියක් තුල වෙඩි තබමින් 49 දෙනෙකු ඝාතනය කල බ්‍රෙන්ටන් ටැරන්ට් නම් සැකකරු නවසීලන්ත අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

එහිදී ඔහුට මිනීමැරුම් චෝදනා එල්ල කර තිබූ අතර සැකකරු රක්‍ෂිත බන්ධනාගාරගත කරමින් අධිකරණය නියෝග කර ඇත්තේ නැවතත් අප්‍රේල් 5 දින අධිකරණයට ඉදිරිපත් කිරීමටයි.

28 හැවිරිදි බ්‍රෙන්ටන් විනාඩියක පමණ සුළු කාලයක් අධිකරණය හමුවේ පෙනී සිටි අතර කිසිදු පසුතැවීමක් සැකකරුගෙන් දිස් නොවූ බවත් තම කාර්යයනිම කල බව හැගවෙන හස්ථ සඥාවක් පමණක් දැක්වූ බවත් විදෙස් වාර්තාවන්හි දැක්වෙයි.