ත්‍රිපිටකාභිවන්දනා – ථෙරවාද ත්‍රිපිටකය ජාතික උරුමයෙන් ලෝක උරුමයට…!

ජාතික උරුමයක් ලෙස පසුගිය ජනවාරි 5 වනදා ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කරන ලද ථෙරවාද ත්‍රිපිටකය, ලෝක උරුමයක් කිරීමේ අරමුණ පෙරදැරිව සිදුකෙරෙන ‘ත්‍රිපිටකාභිවන්දන සතිය’ පදනම් කරගත් ජාතික වැඩසටහන් මාලාවක් මාර්තු 16 සිට 23 දක්වා කාලය තුළ රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශයේ දායකත්වයෙන්  සංවිධානය කර ඇත.
එම සතිය සාර්ථක කර ගැනීම සදහා ශ්‍රද්ධාසම්පන්නව ජනතා දායකත්වය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.


එකී ‘ත්‍රිපිටකාභිවන්දනා සතිය’ පුරා සිදු කිරීමට යෝජිත වැඩසටහන සහ එයට දායකත්වය දැක්විය හැකි අයුරු පහත පරිදි වේ.


එම සතිය පුරා තම නිවෙස්වල, කාර්යාලයේ, වාහන වල බෞද්ධ කොඩි ඔසවා දායකත්වය ලබා දීම. ⁃

එම සතිය පුරා ශ්‍රීලංකාවේ සියළු විහාරස්ථාන වල දිනපතා පස්වරු 6 සිට 6.15 දක්වා පැවත්වෙන ශබ්ද පූජා පිංකම්වලට සහ ආශීර්වාද පිංකම් සිදු කිරීමට දායක වීම.

⁃ මාර්තු 16 (සෙනසුරාදා) සහ 17 (ඉරිදා) විදේශයන්හි ශ්‍රී ලාංකික විහාරස්ථානවල සිදු කරන ආගමික වැඩසටහන් සහ ශ්‍රී ලාංකික මහ කොමසාරිස් හා තානාපති කාර්යාල මුල් කරගෙන සිදු කරන විශේෂ ආගමික වැඩසටහන් වලට දායක වීම.

⁃ මාර්තු 16 (සෙනසුරාදා) – දීප ව්‍යාප්ත පිණ්ඩපාත දානමය පිංකම සෑම පොලිස් බල ප්‍රදේශයකම ප්‍රධාන නගරයක් ආශ්‍රිතව සිදු කෙරේ. මේ සදහා අදාල නගර වල සුදුසු දානමය පූජා සිදු කිරීම සහ එකී පිංකම්වලට දායක වීම.

⁃ මාර්තු 17 (ඉරිදා) – දීප ව්‍යාප්තව දහම් පාසල් ආශ්‍රිතව සිදු කෙරෙන විශේෂ වැඩසටහන් සහ සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රෙමදාස මැතිතුමාගේ  සංකල්පයකට අනුව දහම් පාසල් දෙසියයකට වැඩි ප්‍රමාණයකට නව දහම් පාසල් ගොඩනැගිල්ල බැගින් ලබාදීමට මුල් ගල් තැබීම.

⁃ මාර්තු 18 (සදුදා) දීප ව්‍යාප්තව පාසල සහ පිරිවෙන් පදනම් කර සිදු කරන ආගමික වැඩසටහන්. ⁃ මාර්තු 19 (අගහාරුවාදා) රාජ්‍ය නොවන අංශයේ මූලිකත්වයෙන් දීප ව්‍යාප්තව සිදු කෙරෙන ආගමික වැඩසටහන්වලට දායක වීම.

⁃ මාර්තු 20 (බදාදා – පොහොය දින) සදහම් යාත්‍රා ධර්ම දේශනා වැඩසටහන සහ දීප ව්‍යාප්තව සිදු කෙරෙන ශීල වැඩසටහන්වලට දායකත්වය ලබා දීම.

⁃ මාර්තු 21 (බ්‍රහස්පතින්දා) – රට පුරා පළාත් ආණ්ඩුකාර කාර්‍යාලවල සිදු කෙරෙන මහා සාංඝික දානමය පිංකම්වලට දායක වීම.

⁃ මාර්තු 22 (සිකුරාදා) – රාජ්‍ය අංශයේ ආයතනවල දීප ව්‍යාප්තව සිදු කරන ආගමික වැඩසටහන්වලට දායක වීම.

⁃ මාර්තු 23 (සෙනසුරාදා) ප.ව. 2 ට මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මහ මළුවේ පැවැත්වෙන ‘ත්‍රිපිටකාභිවන්දනා’ මහෝත්සවය.


මේ සදහා ශ්‍රද්ධාසම්පන්නව පෙළ ගැසී ඔබේ සහභාගීත්වය සහ දායකත්වය ලබා දෙන ලෙස ඉල්ලමු.