හොදට කන්න බොන්න දී ජනපතිට එරෙහිව විසුම්පායේ සිට පෙත්සම සැලසුම් කර හැටි එළියට එයි

ව්‍යවස්ථාදායක සභාව මගින් අභියාචනාධිකරණය සදහා විනිසුරුවරයෙකු පත් නොකරමින් දිගින් දිගටම අධිකරණට ක්‍රියාවලිය අඩපණ කිරිමේ ක්‍රියාවලියේ යෙදි තිබියදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වැඩබලන අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු පත් කිරිමට ක්‍රියා කරන ලදී.

කෙසේ වෙතත් එම ක්‍රියාවලියට එරෙහිව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට මෙහෙයුමක් දියත්ව තිබෙන අතර එහි විසුම්පායේ සිට මෙය ක්‍රියාත්මක කර තිබේ.

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල සභියෙකු වන මහාචාර්ය එච්.එම් සොයිසාගේ මූලිකත්වයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාවලියට එරෙහිව ශ්‍රේෂ්ඨධිකරණයේ පෙත්සමක් ගොනු කිරිමට තීරණය කර තිබේ.

මේ සදහා එජාප ප්‍රබල ඇමතිවරුන් ද සහභාගී තිබෙන අතර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද සහභාගී වී තිබේ.

මේ අතර රාජ්‍ය දේපල අවභාවිත කරමින් අග්‍රමාත්‍ය කාර්යාලයේ පරිපාලන නිළධාරීන් විසින් විසුම්පායේ සිට ක්‍රියාත්මක වන එම සැලසුම සදහා අවශ්‍ය ආහාර පාන,මේස පුටු ආදි ලියකිවිලි ද සපායා තිබෙන බව විශ්වසනීය තොරතුරු කියා සිටී.