යල්පැන ගිය වෙළද ‌ලෝකයේ පෙරලියක් සමගින් netauction.lk කරලියට…!

netauction.lk වෙබ් අඩවිය එලි දැක්වීමේ පළමු මාධ්‍ය සාකච්චාව ඊයේ (25) කොළඹ නිපොන් හෝටලයේදී පැවැත්විණි.

ශ්‍රී ලාංකිකයින් සදහා ප්‍රථම වරට online වෙන්දේසි ක්‍රමය ඇතුලත් netauction.lk වෙබ් තමන්ගේ දේපලක්, ඕනෑම භාණ්ඩයක්, ඕනෑම නිෂ්පාදනයක් කිසිදු ගාස්තුවක් අය කිරීමකින් තොරව නොමිලේ වෙළඳ දැන්වීමක් ලෙස netauction.lk වෙබ් අඩවියේ පළකරගෙන තම භාණ්ඩ, දේපල හා නිෂ්පාදන සෘජුවම ගැණුම්කරුවන් වෙත ඉදිරිපත් කිරීමට හැකියාව ලැඛෙනු ඇත.ශ්‍රී ලාංකිකයින් සදහා ප්‍රථම වරට online වෙන්දේසි ක්‍රමය ඇතුලත් netauction.lk වෙබ් තමන්ගේ දේපලක්, ඕනෑම භාණ්ඩයක්, ඕනෑම නිෂ්පාදනයක් කිසිදු ගාස්තුවක් අය කිරීමකින් තොරව නොමිලේ වෙළඳ දැන්වීමක් ලෙස netauction.lk වෙබ් අඩවියේ පළකරගෙන තම භාණ්ඩ, දේපල හා නිෂ්පාදන සෘජුවම ගැණුම්කරුවන් වෙත ඉදිරිපත් කිරීමට හැකියාව ලැඛෙනු ඇත.
මෙහිදී ප්‍රධාන වශයෙන් අරමුණු කරගනු ලබන්නේ විකුණුම්කරුවා සහ ගැණුම්කරුවා අතර අතරමැදියන් රහිතව සෘජු සම්බන්ධතාවයක් ගොඩනැගීම වන අතර එමගින් අතරමැදියන් උපයන අධික ලාභය විකුණුම්කරුවාට ලැබී ඔහුගේ අත මිට සරුවේ. ඔවුන් යම් නිෂ්පාදන සිදුකරයි නම් ඔහුන්ගේ නිෂ්පාද ක්‍රියාවලිය තව තවත් වැඩිවී ඔවුන්ගේ ආර්ථිකය දියුණු වෙයි.
රට තල පවතින අනෙකුත් මෙවැනි වෙබ් අඩවි වල දැන්වීම් පල කිරීමට විශාල මුදලක් වැය වුවද, netauction.lk වෙබ් අඩවිය මගින් එම සේවාව නොමිලේ ලබාගත හැක.
පළමුව මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතු අතර ඉන් පසු භාණ්ඩ, නිෂ්පාදන, දේපල දැන්වීම් මගින් පලකර විකුණාගත හැක. එලෙස විකිණීමේදී ඔබට ක්‍රම දෙකක් යටතේ විකිණීම සිදුකල හැකිය. එනම් විකුණුම්කරු විසින් අදාල භාණ්ඩයේ මිල තීරණය කර විකිණීම හා වෙන්දේසි ක්‍රමයට විකිණීමයි. මෙලෙස online වෙන්දේසි ක්‍රමයක් ශ්‍රී ලාංකිකයන්ට හදුන්වාදෙන්නේ ප්‍රථම වතාවටය.
එමෙන්ද තවත් නොබෝ දිනකින් ජංගම දුරකථන සදහා Netauction.lk App එක හදුන්වා දීමට නියමිතයි. එවිට එය තවත් පහසුවක් වනු ඇත.
netauction.lk නිල Facebook පිටුවෙන්, Instagram පිටුවෙන් හා Youtube චැනලයෙන් මෙම වෙබ් අඩවිය පිළිබදව තොරතුරු ලබාගත හැක.
එමෙන්ම 011 7950002 දුරකතනයෙන් ඔවුන් හා සම්බන්ධ විය හැක ප්‍රධාන කාර්‍යාලය, අංක118, නව ගුවන්තොටුපල පාර, රත්මලාන යන ලිපිනයේ පිහිටා ඇත. විද්‍යුත් තැපැල් ලිපිනය info@netauction.lk වේ.
‘තරුණයන් හැටියට අප මෙමගින් බලාපොරොත්තු වන්නේ අපේ රටේ මුදල් රට තුලම ඉතිරි කර රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි. ශ්‍රී ලාංකිකයන් මෙය ජාතික සේවයක් ලෙස සලකා මෙම වටිනා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගනීවි කියා අපි විශ්වාස කරනවා.’ යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ කළමනාකරු ගෝමිත යසස් විජේසිරි මහතා පවසා සිටියේය. දමිළ මාධ්‍යයෙන් අදහස් දැක්වීම මොහමඩ් කාමීල් මහතා විසින් සිදුකරනු ලැබීය.