ගේම් ගහපු මධුෂ් ප්‍රමුඛ කල්ලිය ඩුබායි හිරේ කල දේවල් සහ කටුනායකදී වැඩ වැරදුන හැටි මෙන්න!

මෙරට හෙල්ලූපාතාලයන්ගේ පාරාදීසය වූයේ ඩුබායි රාජ්‍යය. ඩුබායි රාජ්‍යයේ රහසිගතව සැඟවී සිටිමින් ඔවුහු මෙරටලෙයින් නෑවූහ. අප තරුණ කොටස් පමණක් නොව පාසල් දරුවන්ද විනාශකර දමමින් විසමත්ද්‍රව්‍ය නැව් පිටින් මෙරටට එවූහ.
මෙරට රාජ්‍ය නායකයා පවා සලිත කරමින් මාකඳුරේ මධුෂ් ප්‍රමුඛ ඔහුගේකල්ලිය ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකා පොලිසියට කොකා පෙන්වීය. ඔවුන්ගේ එදිරිවාදීන්ට කොකා ගැස්සුවේය.“සර් මගේ වැඩවලට අත දාලා නිකන් ලෙඩ දා ගන්න එපා” ඇතැම් පොලිස් නිලධාරීන්ට පවා මධුෂ් දුරකථන ඇමතුම් දී තර්ජනයකළේය.පොලිස් වෙඩිපහරින් පාතාලසාමාජිකයන් මියයද්දී ඒ හිස් තැන් පිරවීමට මධුෂ් අති දක්ෂ නීතිඥවරුන් සපයා දෙමින් බන්ධනාගාර ගතව සිටින සිය ගෝලබාලයන් ඉන් එළියට ගත්තේය.
මෙරට ලෙයින්නෑවූ මධුෂ්ගේ සියලු සෙල්ලම් නවතා දැමීමට ඩුබායි ආරක්ෂක අංශ කටයුතු කළේය. ඒ ඉකුත් පෙබරවාරි 5 වැනදා අලුයමය. සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධුෂ් ඩුබායි රාජ්‍යයේ වාසය කරනුයේ සිය අනියම් බිරිය වන තිළිණි නිශායා තිලකරත්න සමඟය.

තිළිණි යනු 2012 වැලිකඩ බන්ධනාගාරකැරැල්ලෙන් ඝාතනයවූමහරගම කළු තුෂාර යනපාතාල නායකයාගේ බිරියය. ඔහුගේ වියෝවෙන්පසු මාකඳුරේ මධුෂ් ඇයව සිය අනියම් බිරිය කරගත් අතර පසුව ඔහු තිළිණිව ඩුබායි රාජ්‍යයට ගෙන්වා ගත්තේය. ඔවුන්ට දාව උපන් දරුවාගේ උපන් දින සැමරුම නිමිත්තෙන් මධුෂ් ඉහළ මට්ටමින් උපන් දින සාදයක් සංවිධානය කළේය.
ඩුබායි තරු හහේ හෝටලයක පැවැත්වෙන උපන් දින සාදය සඳහා මධුෂ් මෙරට සිටින ඔහුගේ සමීපතමයන් රැසකට ආරාධනා කළේය.එහි ගී ගැයීමට ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුත් නව යොවුන් ගායන ශිල්පී නදීමාල් පෙරේරා යන අයටද ඇරයුම් කළේය. එයට නවතම රංගන ශිල්පී රයන් වෑන්රොයෙන්ද සහභාගි විය. තරු හහේ හෝටලයේ එළිමහනේ පැවැති මෙම සාදය පසු දින එනම් පෙබරවාරි 5 වැනි දින හමාර කරනු ලැබුවේ එරට ආරක්ෂක අංශය විසින් සාදයට කඩා වැදීමෙනි.
හොරොයින්,කොකේන් ඇතුළුමත්ද්‍රව්‍ය සමඟින් සාදය පැවැත්වූ නිසාවිසමත්ද්‍රව්‍යළඟ තබා ගැනීම, පානය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මධුෂ් ඇතුළු 34 දෙනකුගෙන් යුතු කණ්ඩායම එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
අනතුරුව ඔවුන් ඉදිරි විමර්ශන සඳහා බර්ඩුබායි පොලිසිය වෙත භාරදුන් අතර ඔවුන්විසමත්ද්‍රව්‍ය භාවිත කර ඇතිද යන්න පරීක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ රුධිර සාම්පල් පරීක්ෂාවක්ද සිදු කෙරිණි. කෙසේ නමුත් ඩුබායි රාජ්‍යය සිදුකරන විමර්ශන කටයුතු රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් හෝ මෙරටට දැනුම් දෙනු නොලැබූ අතර අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා යන දෙදෙනා සම්බන්ධයෙන් නීතිඥ සහාය ලබා දීම සඳහා නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි ද එක් වතාවකත් ඔවුන් දෙදෙනාට නීතිඥ සහාය ලබාදීමට යනවා යැයි සඳහන් කරමින් නීතිඥ උදුල් ප්‍රේමරත්න තවත් වතාවකත් ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගියහ.
විමර්ශනවලින් අනතුරුව මධුෂ් ඇතුළු නඩය පෙබරවාරි 28දා ප්‍රථම වරට එරට අධිකරණයක් වෙත ඉදිරිපත් කළ අතර පසුව තවදුරටත් මීට අදාළ විමර්ශන කටයුතු සිදුවන බැවින් ඔවුන්ව ඉදිරියටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එම අධිකරණය තීරණය කළේය.හෙරොයින්කොකේන් ඇතුළුවිසමත්ද්‍රව්‍යජාවාරම් සේවා ජාලයද එරට අපරාධමයවරදකි. එවැන්නන්ට වරදට උපරිම දඬුවම් ලබා දෙන අතරවිස මත්ද්‍රව්‍යජාවාරම්කරුවන්ට අත්වන ඉරණම වන්නේ සෞදි රාජ්‍යයට රැගෙන ගොස්මරාදැමීමය.
නමුත් මෙවැනි වරදක් අනාවරණය නොවන්නේ නම් සහ ප්‍රථම වරට විදේශිකයකුමත්ද්‍රව්‍ය චෝදනාවට අත්අඩංගුවට පත්වී චෝදනාඔප්පු නොවන්නේ නම් ඔවුන් එරටින් අදාළ රට වෙත පිටුවහල් කරනු ලබයි.දිනය ඉකුත් 27දා අලුයම පහ පසුවී විනාඩි කීපයක් ගත වනවාත් සමඟම ඩුබායි රාජ්‍යයේ සිට PD 547 දරන fly Dubai ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. මෙරට ආරක්ෂක අංශ වෙත අවශ්‍ය බව සඳහන් කර තිබූ දෙදෙනකු එම මගීන් අතර සිටින බව ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීහු හඳුනා ගත්හ. ගුවන් ගමන් බලපත්‍ර පරීක්ෂාවේදී මේ බව අනාවරණය වීමත් සමඟ ආගමන විගමන නිලධාරීහු රාජ්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීන් ලහිලහියේ දැනුවත් කළහ. ගත වූයේ ස්වල්ප මොහොතකි. fly Dubai ගුවන් යානයේ පැමිණ මගී පර්යන්තයේ සිටින සංජු ගීත් නදීමාල් පෙරේරා යන 24 හැවිරිදි තරුණයා සහ කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර යන පනස් දෙහැවිරිදි තැනැත්තා කටුනායක ගුවන් තොටුපළේ රහස් පොලිස් නිලධාරීහූ විසින් සිය භාරයට ගනු ලැබූහ.ඩුබායි රාජ්‍යයේදී මාකඳුරේ මධුෂ් සමඟ කොටුවූ පිරිස අතර සිටි මෙම දෙදෙනා එරටින් ඉකුත් 26 වැනිදා මෙරටට පිටුවහල් කර ඇති බවද එහිදී ආරක්‍ෂක අංශ තහවුරු කර ගත් අතර ඔවුන්ව රඳවා ගෙන දැඩි ප්‍රශ්න කිරීමකටද භාජන කෙරිණි.
ඩුබායි සිද්ධියට අදාළව එරට සිරගත කර සිට දින පනහක පමණ කාලයකින් පසු පිටුවහල් කළ පළමු තැනැත්තන් දෙදෙනාද මොවුහු වෙති.
පැය හතකට අධික කාලයක් ප්‍රශ්න කළ නව යොවුන් ගායක නදීමාල් පෙරේරා රහස් පොලිසිය විසින් පසුව මුදාහරින ලදී.
කිහිලිකරුවලින් ගුවන්තොටුපළට පැමිණි ලලිත් කුමාර යන අය බන්ධනාගාර නියාමකවරයකු බවත් ඔහු කළුතර බන්ධනාගාරයට අනුයුක්තව සේවය කර ඇති බවත් අනාවරණය වී තිබේ.මේ කතාව බන්ධනාගාර නියාමක ලලිත් ගැනය.
ලලිත්ගේ ගම් පළාතද මාතර, කඹුරුපිටියය. ලලිත්ගේ මව පවුල් සෞඛ්‍ය සේවිකාවක වූවාය.
මධුෂ් ලක්‍ෂිත නම් සිඟිත්තා මෙලොව එළිය දකින විට ඇයට වින්නඹු කාර්යය සිදු කරන ලද්දේ ලලිත්ගේ මව විසිනි. කාලය ගෙවෙත්ම මධුෂ් සහ ලලිත් ගජ මිතුරෝ බවට පත් වූහ. වැලි කෙළියේ සිට පටන් ගත් ඒ මිත්‍රත්වය අද වන තෙක් ඔවුන් දෙදෙනා ආරක්‍ෂා කර ගෙන තිබිණි.මධුෂ් පාතාලලෝකයටප්විෂ්ට වෙද්දී ලලිත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ රස්සාවක් සොයා ගත්තේය. මධුෂ්ගෙන් අතමිට සරු වූ ලලිත් පසුව මධුෂ්ගේ අපරාධවලටදසහාය ලබා දෙන්නට පටන් ගත්තේය. වර්තමානයේ මෙරට සිදුවූබිහිසුණුමඝාතනය හැටියට දැක්වෙන්නේ කළුතර උතුර එතනමඬල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයට එල්ල වූ
ප්‍රහාරයය.
මෙම බිහිසුණුප්‍රහාරය වාර්තා වූයේ 2017 වසරේ පෙබරවාරි මස 27 වැනි දිනය. පාතාලනායක රණාලේ සමයං ඉලක්ක කර ගනිමින් චිකාගෝ ක්‍රමයට එල්ල වූ එමවෙඩිප්‍රහාරයෙන් සමයං ඇතුළු ඔහුගේ ගෝලයන් පස්දෙනකුඝාතනයටලක් වී තවත් බන්ධනාගාර නිලධාරීහු දෙදෙනෙක් දිවි පිදූහ.
සමයංගේ ප්‍රතිවාදියාවූ අංගොඩ ලොක්කා විසින් මෙමඝාතනයසැලසුම් කරනු ලැබූ අතර ඊට අවශ්‍යගිනි අවිසහවෙඩික්කරුවන් සපයන ලැබුවේ මධුෂ් විසිනි. පොලිස් නිල ඇඳුමට සමාන නිල ඇඳුම් අඳිමින් එල්ල කළ මෙමවෙඩි ප්‍රහාරයමධුෂ් විසින් ඩුබායිහි වෙසෙමින් වීඩියෝ ඇමැතුම් හරහා සැලසුම් කර තිබිණි. කළුතර බන්ධනාගාරයේ බස් රථය ඊට ආරක්‍ෂාව සපයන තවත් බන්ධනාගාර බස් රථයක් සමඟ බන්ධනාගාරයෙන් පිටතට ගෙන මීටර් පන් හයසීයක් දුර පසු කරත්ම වෙඩි ප්‍රහාරයට ගොදුරු විය.
සමයං රැගෙන එන බවට කිසිවකු හෝ කළුතර බන්ධනාගාරයේ සිට පාතාලකල්ලියට ඔත්තු ලබාදී තිබූ බව ඊට අදාළව එකල සිදු කළ පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.
බන්ධනාගාර නියාමක ලලිත් කුමාර එදින දින කිහිපයක නිවාඩුවකින් පසු රාජකාරියට වාර්තා කර තිබූ බව මේ වන විට අනාවරණය වී තිබේ.
එසේ නම් එමබිහිසුණුඝාතනයේ ඔත්තුව ලබා දුන්නේ ලලිත් විසින් බවටද යන්න කොළඹ අපරාධ කොට්ඨාසය මේ වන විට විමර්ශනය කරමින් සිටී.
මධුෂ්ගේ ආරාධනා ලැබ ලලිත් ඩුබායි බලා පිටත් වන විටත් ඔහු රිය අනතුරකට භාජන වී සිටියේය. ඔහු ඩුබායි රාජ්‍ය බලා ගියේද නැවත නැවත එහි සිට පැමිණියේද කිහිලිකරු ආධාරයෙනි. ඔහු ඩුබායි බලා පිටත්ව ගොස් ඇත්තේද අසනීප නිවාඩු දමාය. මධුෂ් සමඟ ඩුබායි රාජ්‍යයේදී ඔහුව එරටින් අත්අඩංගුවට ගැනීමෙන් පසු බන්ධනාගාර මූලස්ථානය ලලිත්ගේ සේවය අත්හිටුවනු ලැබීය.
ඔහුව මෙරටට පිටුවහල් කළ දිනම කොළඹඅපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ලලිත් අත්අඩංගුවට ගෙන පැය 48ක කාලයක් රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කෙරිණි.
නදීමාල් පැමිණ ඊට පසු දින ඩුබායි සිද්ධියට අදාළ තවත් සිවුදෙනකු මෙරටට පිටුවහල් කර තිබිණි. එම සිවුදෙනා පැමිණියේ Fly Dubai ගුවන් සේවයට අයත් PL 547 දරන ගුවන් යානයෙනි.

ඉකුත් 28 වැනි දින පෙරවරු 6.15ට එම ගුවන් යානාව කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අතර ඉන් බැසගත් පිටුවහල් කළ සිවුදෙනාගෙන් දෙදෙනෙක් මාලදිවයින බලා පිටත්ව යෑමට UL 101 දරන ගුවන් යානය වෙත කිසිවකුට සැක නොසිතෙන පරිද්දෙන් ඇවිද ගියහ. ඒ වන විටත් ඔවුනට මාලදිවයින බලා යෑමට ගුවන් ටිකට්පත් වෙන් කරවා ගෙන තිබිණි. මේ අතර සිටින එක් අයකු වන්නේ කංජිපානි ඉම්රාන්ය. සෙසු අය වන්නේ අමිල සම්පත්ය. මෙරට සිදුවූ අපරාධරැසක් සහහෙරොයින් ජාවාරමේප්‍රධානතම පුරුක වන කංජිපානි ඉම්රාන් ගැන අවදියෙන් සිටි මෙරට බුද්ධි අංශ ඔවුන්ව මාලදිවයින බලා ගමන් ගන්නා ගුවන් යානයට නැඟීමට ප්‍රථම අත්අඩංගුවට ගනු ලැබීය.ඒ අනුව ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද කොළඹ 8, ශ්‍රී සද්ධර්ම මාවත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් (34), රොටුඹ ප්‍රදේශයේ පදිංචි අමිල සම්පත් සේපාල රත්නායක (37), ගන්දර, වෙලේගෙදර පදිංචි අනුෂ්ක කෞෂාල් (38) නොහොත් ජංගා, කොළඹ 13, මහා විද්‍යාල මාවත ප්‍රදේශයේ පදිංචි ඇන්ඩ්‍රසන් ෆර්ඩිනෑන්ඩස් (42) යන පිරිස කටුනායක ගුවන්තොටුපොළ රහස් පොලිස් භාරයට ගනු ලැබීය.මේ අතර සිටින දරුණුම පාතාල නායකයා වන කංජිපානි ඉම්රාන් මෙරටින් ඩුබායි රාජ්‍යය බලා ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් ආධාරයෙන් පලා ගොස් ඇත්තේ 2015 වසරේ මාර්තු මස 25 වැනි දිනය. හෙරොයින්ජාවාමරට චෝදනා ලැබ කලක් බන්ධනාගාරගතව සිටි මොහොමඩ් සිද්ධික්ගේ රියැදුරු ලෙස කටයුතු කළ කංජිපානි ඉම්රාන් මධුෂ්ටත් වඩා ප්‍රබල වන්නේ ඔහු හෙරොයින්ජාවාරමේනිරතවන මෙරට ප්‍රධානතම පුරුක වන නිසාය. මාලිගාවත්තේ පල්ලියක් අසල කැඳ විකුණු­ නිසා ඔහුට කංජිපානි නම් පටබැඳි නාමය ලැබී ඇති බව පැවැසේ. ඩුබායි රාජ්‍ය නිලධාරීන්ට ඔහු පවසා ඇත්තේ තමන් ජංගම දුරකථන ව්‍යාපාරයක් සිදු කරනු ලබන බවයි. ඒ අනුව ඔහුට එරටින් 2016 ජනවාරි 26දා නේවාසික වීසා නිකුත් කර තිබේ.
පසුගිය සමයේ කොළඹ සිදුවූවෙඩි තැබිමේ සිද්ධීන්වලින් බහුතරයකට වගකිවයුතු වන්නේ කංජිපානිය. ඩුබායි රාජ්‍යයේ සිටිමින් ඔහු එමවෙඩි තැබීම් සැලසුම් කර ඇති බවපාතාලමර්දන ඒකකය වෙත තොරතුරු වාර්තා වී ඇත. මේ කංජිපානි ඉම්රාන් විසින් සිදුකරන ලද අපරාධරැසකින් කොටසක්.2018 පෙබරවාරි 20 වැනි දින බොරැල්ල, කොටා පාර ප්‍රදේශයේදී අසිත නමැත්තාවෙඩි තබාමනුෂ්‍යඝාතනයට තැත් කිරීම, එම වසරේ මාර්තු මස මාලිගාවත්ත අලාම් ඉස්බාල් මාවතේදී මොහොමඩ් නිප්ප්‍රාස් යන අයවෙඩි තබාඝාතනය කිරීම. එම මසම 19 වැනි දින කොටහේන, ආමර් වීදිය ප්‍රදේශයේදී ඇන්ටනී රාජ්වෙඩි තබාඝාතනය කිරීම, 2018 වසරේ ජූලි මස 08 වැනි දින කොළඹ, ජම්පටා වීදියේදී සෙල්ලයියා සෙල්වරාජ් සහ එලිසබත් පෙරේරා යන යුවළවෙඩි තබාඝාතනය කිරීම, 2018 අගෝස්තු 30 වැනි දින මාලිගාවත්ත, ජුම්මා හන්දියේදී මොහොමඩ් රහිම් යන අයටවෙඩි තබාඝාතනයට තැත් කිරීම, එම වසරේම සැප්තැම්බර් 12 වැනි දින මාලිගාවත්ත ‘ලක්සෙත’ මහල් නිවාස සංකීර්ණයේදී අජ්මිර් නමැත්තාඝාතනයට තැත් කිරීම, 2018 වසරේ ඔක්තෝබර් 20 වැනි දින මාලිගාවත්ත ප්‍රදේශයේදී මොහොමඩ් අද්වින් යන අයටවෙඩි තබාඝාතනය කිරීමට තැත් කිරීම, එම වසරේදීම නොවැම්බර් 7 වැනි දින ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී එම්.ඒ. නිප්ප්‍රාස් යන අයටවෙඩි තබාඝාතනය කිරීමට තැත් කිරීම, 2018 වසරේ දෙසැම්බර් 10 වැනි දින මෝදර ප්‍රදේශයේදී වෙඩිතබාහය දෙනකුට තුවාල සිදු කිරීම, මේ වසරේ ජනවාරි 01 වැනි දින වෙරළබඩ, ජම්පටා වීදිය ප්‍රදේශයේදී මැල්කම් පෙරේරා හටවෙඩි තබාඝාතනයට තැත් කිරීම, එම මස 20 වැනි දින කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයේදී ඇන්ටන් මයිකල් යන අයටවෙඩි තබාඝාතනයට තැත් කිරීම, කොටහේන මෛත්‍රි බෝධිරාජ මාවතේදී කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිය වන ආශාෆාරි යන අයටවෙඩි තබාඝාතනයට තැත් කිරීම යන සිද්ධීන්වලට උපදෙස් හා නියෝග ලබාදී ඇත්තේ මොහු විසිනි.
අමිල සම්පත්ද මාකඳුරේ මධුෂ්ගේ සමීප ගෝලයෙකි. ඔහු ඩුබායි රාජ්‍ය බලා මෙරටින් පිටත්ව ගොස් ඇත්තේ වර්ෂ 2017 අගෝස්තු මස 7 වැනි දිනය. එරට ඉන්ධන පිරවුම්හලක සේවය කළ ඔහුට එම වසරේම ඔක්තෝබර් 11දා නේවාසික වීසා බලපත්‍ර එරටින් නිකුත් කර තිබේ.
2005 වසරේ අගෝස්තු මස 27 වැනි දින උෟරුබොක්ක ප්‍රදේශයේදීවෙඩිතබා මනුෂ්‍යඝාතනයක්සිදුකර දේපළකොල්ලකෑමේ සිද්ධියකටද ඔහුට එරෙහිව නඩුවක් පවතී.
පිටුවහල් කරන ලද අනුෂ්ක කෞෂාල් නොහොත් ජංගාද මධුෂ්ගේ ප්‍රධාන පෙළේ ගෝලයෙකි. ඔහු හෝටල් හිමිකරුවකුද වෙයි. මධුෂ්ගේ සාදයට සහභාගි වීම සඳහා ජංගා මෙරටින් පිටත්ව ගොස් ඇත්තේ ඉකුත් පෙබරවාරි 3 වැනි දිනය.
මෙම ආරංචියෙන් පසු ජංගාගේ ගන්දර පිහිටි නිවෙස පෙබරවාරි 5දා විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් දැඩි පරීක්ෂාවකට ලක්කරනු ලැබූ අතර එම නිවෙසේ සඟවා තිබූයුද හමුදා ඇඳුම්කට්ටල, ටී56ගිනිඅවිඋණ්ඩකිණිසිආදිය සොයා ගනු ලැබීය. ඔහුට එරෙහිව වරෙන්තුවක්ද නිකුත් වී ඇත්තේ 2001 වසරේදීඅත්බෝම්බයක්ළඟ තබා ගැනීමේ චෝදනාවකටඅදාළවය.
එසේම 2000 වසරේදී නොවැම්බර් මස 17 වැනි දින මාතර ප්‍රදේශයේදී පුද්ගලයකුටපිහියෙන් ඇනමනුෂ්‍යඝාතනයක්සිදුකර දේපළකොල්ලකෑමේසිද්ධියකට ඔහුට එරෙහිව නඩුවක්ද පවතී. ඇන්ඩ්‍රසන් ෆර්ඩිනැඩස් යන අයද ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇත්තේ ඉකුත් ජනවාරි 31දාය. ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමා ඩුබායිහිදී වාහන අමතර කොටස් අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිතර වූ බවය.
නදීමාල් ඇතුළු මෙරටට පිටුවහල් කරන ලද පිරිසගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් කණ්ඩායමට කුඩා කණ්ඩායම්වලට වෙන් කර බර්ඩුබායි පොලිසියේ රඳවා ඇති බවටය.
මධුෂ් සමඟ සිටි කණ්ඩායමේ නදීමාල්ද සිට ඇති බව සඳහන් වේ.පරීක්‍ෂණ කටයුතු අවසන් වීමෙන් පසුව ඔවුන් සිර මැදිරිවලට වී කාලය ගෙවූ බවත් එකල ඔවුන් කාඩ් සෙල්ලමේ වැඩිපුර නිරත වී ඇති බවත් පැවැසේ.
උදෑසන සිට හැන්දෑවනතුරුම කාඩ් සෙල්ලම් කළ ඔවුන්ට රාත්‍රි කාලයේ නින්දට පෙර රූපවාහිනිය නැරඹීමේ අවස්ථාවද හිමිව තිබු බව ඩුබායි ආරංචි මාර්ග සදහන් කරයි.
එසේම බාර්ඩුබායි පොලිස් නිලධාරීන් විසින් ඔවුනට ආහාරපානද සරිලන පරිදි ලබාදී ඇත. මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් පිරිස අතර වූ හයදෙනකු සිකුරාදා (29දා) දිනය වන විට මෙරටට පිටුවහල් කර තිබිණි. මාකඳුරේ මධුෂ්, අමල් ඇතුළු සෙසු පිරිසද ඉදිරි දින කිහිපය ඇතුළත මෙරටට පිටුවහල් කරනු ඇති බව ඩුබායි රාජ්‍යයෙන් ලැබෙන ආරංචි මාර්ගයන් සඳහන් කරයි. සිකුරාදා දිනය එරට නිවාඩු දිනයක් හෙයින් මධුෂ් ඇතුළු පිරිසගේ ලියකියවිලි සාදා අවසන් කර ඔවුන් එරටින් පිටුවහල් කිරීමට නියමිතව ඇති බවද ආරංචි මාර්ගයන් පවසයි.මෙරට රාජ්‍ය බුද්ධි අංශය විසින් මේ වන විටත් ඩුබායි රාජ්‍යයෙන් මෙරටට පැමිණෙන පිරිස් වෙත වැඩි අවධානයක් යොමු කර ඇති අතර මධුෂ් කොටු කර ගැනීමේ රහසිගත මෙහෙයුමක්ද කටුනායක ගුවන්තොටුපළේ ආරම්භ කර ඇත. මෙරට බුද්ධි අංශ දැඩි අවධානයෙන් සිටිනුයේ මාකඳුරේ මධුෂ් මෙරටට පැමිණ නැවත වෙනත් රටකට පලා යයි දැයි යන්නය.
වසර ගණනාවක සිට ශ්‍රී ලංකා පොලිසියටද අභියෝගයක් වෙමින් මෙරට තුළ මිනිස් ජීවිත රැසක්බිලිගත්මාකඳුරේ මධුෂ් අපේක්‍ෂාවෙන් සියලු ආරක්‍ෂක අංශ කටුනායක මේ වන විට කඳවුරු බැඳ සිටිති.