අගමැති දුටු ජනපති ‌කේන්තියෙන් පිටව යයි – ඇමති මලික්ගේ නිවසේ සිදුවුන දේ…!

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, සහ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් සඳහා අමාත්‍ය මලික් සමරවික‍්‍රමගේ මහතාගේ නිවසේදී හමුවී තිබෙනවා.

සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයාට මල්වතු පාර්ශවයෙන් ගෞරව සම්මාන පිරිනැමීමේ උත්සවය පැවති දින රාත්‍රියේදී එම උත්සවයට පැමිණි ආරාධිතයින් සඳහා මෙම මෙම භෝජන සංග්‍රහය පවත්වා ඇති අතර ඒ සඳහා මංගල සමරවීර, ලක්ෂමන් කිරිඇල්ල ඇතුළු මැතිඇමතිවරුන්ද විශාල පිරිසක් සහභාගී සිටි බව වාර්තා වුනා.

මේ අතර සංග්‍රහයට අග‍්‍රාමාත්‍යවරයා පැමිණ සිටිනු දැකීමෙන් පසු ඉතා කෙටි වේලාවක් තුළ ජනාධිපතිවරයා එම ස්ථානයෙන් පිටත්ව ගිය බවයි නෙත් ගොසිප් වෙත වැඩිදුරටත් වාර්තා වුනේ.