අහිංසා පැවරු ලසන්ත ඝාතන නඩුවෙන් ‌ගෝඨාභයගේ ජනාධිපති සිහිනය බොද වන ලකුණු….!

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකානු අධිකරණයේ නඩුවක් පවරා තිබේ.

එම නඩුව පවරා තිබෙන්නේ ලසන්තගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග විසින් ය.

ඒ අනූව මෙම නඩුව පැවරීමත් සමග ගොඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය ඉවත් කර ගැනීම තවත් මාස 7ක් දක්වා කල් යනු ඇති බව නිතී විශාරදයින් කියා සිටී.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට මීලග ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට නොහැකි වනු ඇති බව වාර්තා වේ.එයට හේතුව වන්නේ මෙම නඩුව අවසන් වනතුරු පුරවැසි භාවය ඉවත් කරගැනීමට නොහැකි වීම ය.