ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හින්දි චිත්‍රපටයක

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කතා තේමාව කරගත් නවතම හින්දි චිත්‍රපටය ‘PM Narendra Modi’ එළඹෙන අප්‍රේල් 11 සිට සිනමාහල්වල ප්‍රදර්ශනයට නියමිතයි කියලා චිත්‍රපටයේ නිෂ්පාදක ආයතනය පහුගිය දවසක නිවේදනයක් නිකුත් කරලා තියනවා.

මීට කලින් මේ චිත්‍රපටය අප්‍රේල් 5 එළිදක්වනවා කියලා තීරණය කරලා තිබුනත් චිත්‍රපටය එළිදැක්වීම සම්බන්ධව අවසරය සහිත ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ලැබෙන තෙක් මේ කාර්යය පොඩ්ඩක් ප්‍රමාද වෙලා තියනවා. ඒකට ප්‍රධාන වශයෙන්ම කතා තේමාවේ එන දේශපාලන කරණා හේතු වෙලා තියනවා කියලා තමයි විදෙස් මාධ්‍යයනම් කියන්නේ. 

Omung Kumar ගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය එහෙමත් නැත්නම් ලොවක් ආදරය කරන මේ දේශපාලඥයාගේ චරිතය රඟ දක්වන්නේ ජනප්‍රිය බොලිවුඩ් නළු විවේක් ඔබ්රෝයි කියලා කිව්වොත් ඔබ පුදුම වේවි.

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පීන් රාශියකගේ දායකත්වයෙන් නිර්මාණය වුන මේ චිත්‍රපටය බොහොම අපූරු එකක් වන බවයි සිනමා විචාරකයන්ගේ නම් අදහස වෙලා තියෙන්නේ.