ඉරාජ්ගේ නිර්ලජ්ජිත වීඩියෝ ප්‍රතික්ෂේප කරමු – ඇමති නවීන් ඉරාජ්ට දෙහිකපයි (PHOTO)

ඉරාජ් විසින් පසුගිය දවසක එයාගේ අලුත් MusicVideo  එක release කළා.

එක නම් කරලා තිබුණේ  “සුරත ” කියලා.

හැබැයි ඒ MusicVideo බලපු ගොඩක් දෙනෙක් පැවසුවේ ඒ MusicVideo ඒ තරම් සමාජයට නොසුදුසු MusicVideo කියලා.

රටේ බොහෝදෙනෙක්ට එකෙන් පහර ගහල තියෙනවා වගේම මේ MusicVideo එකෙන් පෙන්නේ ඉරජ්ගේ අසහනය කියලත් ගොඩක් ය comment  කරලත් තිබුනා.

ඉතින් මේ ගැන අමාත්‍ය නවීන් දිසානායකත් තම facebook ගිණුමේ සටහනක් තබා පවසා තිබුනේ ඉරාජ් වැනි නිර්ලජ්ජිත වීඩියෝ සාදන්නන් සමාජයෙන් තුරන් කල යුතුයි කියලා.

ඒ සටහනේ මෙහෙත් තිබුණා.

මගේ දෙමවුපිය අභාෂයෙන්, නිතැතින්ම කලාකාමී නිර්මාණ වලට නිරන්තර අතහිත ලබා දෙන පුද්ගලයකු ලෙස මේ සටහන ලිවීමට මුලික පදනම වනුයේ ඉරාජ් නම් පුද්ගලයා විසින් මැතකදී නිකුත් කර ඇති නිර්ලජ්ජිත වීඩියෝවයි. අප ශ්‍රී ලංකික ජාතියක් විදිහට අනුකම්පාවෙන් අනෙකා දිහා බැලීමට හුරු වී ඇත්තෙමු, නමුත් සැම දෙයටම සීමාවක් තිබිය යුත්තේ මෙය ඔහුගේ පළමු අවස්ථාව නොවන බැවිනි. අනෙකුන්ගේ පුද්ලිකත්වය ඔහුන්ගේ අදායම් මාර්ගය කරගන්නා පුද්ගලයන් සමාජයක සලකන්නේ පහත් මානසික තත්ව ඇති පුද්ගලයන් ලෙසය. තව නොබෝ දිනකින් අප පවත්වන්නට යෙදෙන සිංහල හින්දු අවුරුද්ද අබියස සිටිමින් මෙවන් වීඩියෝ වක් නිකුත් කිරීම තුලම ඔහුගේ යටි අරමුණු මනාවට පැහැදිලි වෙයි. දේශප්‍රේමය තම දේශපාලනය කරගත් දේශපාලන කණ්ඩායම් තුරුලේ සිටිමින් ඔබගේත් මගෙත් දරැවන්ගේ අනාගතය හීන කිරීමට සැරසෙන මෙවන් දුර්වලයන් හදුනා ගනිමු. 

අප ශ්‍රී ලංකික ජාතිය අතීතයේදී නොයෙකුත් තාඩන පීඩන වලට ගොදුරු උවද තවමත් නොසැලී ඉන්ද්‍ර කිලයක් සේ නැගී සිටියි. මෙවන් පුද්ගලයන් කෙරෙහි තව දුරටත් අප නිහඩව සිටිය යුතු නැත. ඔබගේ දරුවාගේත් අපේ අනාගත පරපුරේත් මතු ආරක්ෂාව හා සුභ සිද්ධිය වෙනුවෙන් අප මේවන් දේ ප්‍රත්ක්ෂේප කරමු, අප අනාගත පරපුරට සුරක්ෂිත සමාජීය තත්වයක් ගොඩනගමු. අපි නැගී සිටිමු, ශක්තිමත් ජාතියක් ලෙස තම අනන්‍යතාව සුරකිමින් මතු පරපුරට සුරක්ෂිත හෙට දවසක් උරුම කරමින්. 

නවින් දිසානායක