ගෝඨාභය රාජපක්ෂව ඇමෙරිකානු නිතීයට කොටු කර නිතීඥවරු ගැන තොරතුරු එළියට…!

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ලසන්ත වික්‍රමතුංග සම්බන්ධයෙන් නඩුවක් පැවරීමට අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් කටයුතු කරනු ලැබී ය.ඒ අනූව ඇමෙරිකානු අධිකරණයේදී මෙම නඩුව පැවරීම සිදු කරන ලදී.

අතිශය විශ්වසනීය තොරතුරු අනූව මේ ආකාරයට රාජපක්ෂ මහතාට විරුද්ධව නඩු ක්‍රියාමාර්ග ගැනීමට ලසන්තගේ දියණියට උපදෙස් ලබා දුන් නිතීඥවරුන් පිළිබදව තොරතුරු අනාවරණය වී තිබේ.

පාලිත කොහොන සහ ජනාධිපති නිතීඥවරුන් වන ගාමිණ මාරපන යන අය ලසන්තගේ දියණියට උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වේ.විශේෂයෙන්ම මොවුන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙ නිර්මාතෘවරයා වන බැසිල් රාජපක්ෂගේ සමීපතමයන් ලෙස කටයුතු කරන අතර රාජපක්ෂ පවුලේ නීතීඥයින් ලෙස ද කටයුතු කරයි.

මේ අතර සුදු කොඩි නඩුවේදී රනිල් වික්‍රමසිංහ සරත් ෆොන්සේකාව පරාජය කිරිමට කටයුතු කරනු ලැබූ අතර එහිදි එම සැලසුම පිටුපස රනිල් සහ බැසිල් රාජපක්ෂ යන අයද සිටි බව ද සුප්‍රකට රහසකි.

බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකට වන්නේ දුන් සටනක් කිසිදා අත්නොහරින පුද්ගලයෙකු ලෙස ය.එයට හොදම උදාහරණය වන්නේ සුදු කොඩි නඩුව සහ පසුගිය වසරේ පැවති පලාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලයන් ය