IPL හොල්ලන රසල්‌ගේ වයස 29 සරාගී බිරිදගේ තතු විත්ති ‌මෙන්න..!

Andre Russell කියන්නේ මේ දවස්වල බොහොම ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒකට හේතුව IPL එකේ ගහන යෝධ හයේවා. ඒ වගේම කාටවත් හිතාගන්න බැරි වෙලාවක තරගය දිනවලා දෙන ඔහුගේ ශක්තිය.

ඔහුගේ තියෙන ශක්තිය කොච්චරද කියනවා නම් පන්දුවට පිත්තෙන් ඔහු ගහන සාමන්‍ය පහරක් වුණත් මීටර් 100 ඉක්මවලා තමයි යන්නේ.

ඉතින් මෙහෙම IPL එකේ වැඩදාන රසල් ගැන ඉන්දියාවේ මාධ්‍ය විවිධ පුවත් වාර්තා කරමින් තිබෙනවා. ඒ අතරින් ඔහුගේ සුරූපී බිරිඳ ගැන තමා වැඩිපුරාම කතා මැවෙන්නේ.

ඇයගේ නම Jassym Lora..

ඇය ජැමයිකාවේ ජනප්‍රිය මෝස්‌තර නිරූපණ ශිල්පිණියක්…

තවමත් වයස අවුරුදු 29ක් වන මේ සුරුපිණිය සමඟ රසල් 2014දී විවහා වෙනවා. රසල් කරන යෝජනාවක් අනුව තමයි දෙන්නා විවාහ වෙන්නේ. දෙන්නා අවුරුදු කිහිපයක්ම ආදරෙන් ඉඳලා තියෙනවා. ඉතින් මේ දිනවල ඇයත් ඉන්නේ ඉන්දියාවේ IPL බලන්න ඇවිත්. ඒ නිසා හැමෝම රසල්ට වඩා ඇය ගැන හොයන්න සැහෙන උනන්දුවක් දක්වනවා. 

අපේ මාතෘකාවේ කිව්වා වගේ රසල් ආදරය කරලා ඇයව විවාහ කරගත්ත නිසා ඇය දැන් ලෝකෙම පුරාම කතාවෙන චරිතයක් වෙලා. එහෙමත් නැත්නම් ඇයගේ කතා ලෝකේ වටේ වෙඩිල්ලක් වගේ පත්තු වෙලා.