එල්ලා මරන්න තීන්දු කර අපරාධකරුවන් හිරෙන් පනින්න ගේම් ගෑසු කෙරුමන් මාට්ටු වෙයි

බන්ධනාගාර බිඳ සිරකරුවන් පලා යන්නට යෙදුණු ‘‘බන්ධනාගාරකැරලි” ඉතිහාසය පුරාවට අපට අසන්නට ලැබුණු මහත් ආන්දෝලනාත්මක සිදුවීම්ය. ජ.වි.පෙ. සිය දෙවැනි කැරැල්ලඅරඹා 1988 දෙසැම්බර් 13 දා කොළඹ මැගසින් බන්ධනාගාරයබිඳ ඔවුන්ගේ සාමාජිකයන් 221ක් මුදාගෙන ගියේය. එය කළේ ජවිපෙ සන්නද්ධඅංශයේ රංජිත් පරාක්‍රම බළකාය විසිනි.

ජවිපෙ දෙවනකැරැල්ලෙන් බෝගම්බර, අනුරාධපුර හිරගෙවල් බිඳ අවිආයුධසමග සිරකරුවන් මුදා ගැනුණි.

ඉන් වසර තිහකට පසුව මැගසින් බන්ධනාගාරයෙන් අරඹන්නට ගිය තවත් එවැනි කැරැල්ලක්ගැන ඉකුත් සතියේ කරළියට ආවේය. අනාවරණය වී ඇති අන්දමට මෙවරකැරැල්ලට යොදාගත්තේ ඩුබායි පාතාලයේගෝල බාලයන්ය.

බිහිසුණුසැලසුම සකස් වී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරමින්, මරණීයදණ්ඩනය නියමවූවන් දාහත් දෙනකුගෙන් ප්‍රධාන දෙදෙනකු මුලින්ම එල්ලාමරන්නටනියෝග කිරීමට යාමත් සමගිනි. ජාත්‍යන්තරයෙන් කෙතරම් බලපෑම් ආවද මත්කුඩුජාවාරමටසම්බන්ධ ප්‍රබලයින් දෙදෙනකු හෝ මුලින්මඑල්ලා මරන්නටසියල්ල සූදානම් කරමින් යන්නේ ජනපතිගේ නියෝගයෙනි. එය ඔවුන් තිගැස්සෙනතරම් තොරතුරක් වන්නට ඇත.

මරණීයදණ්ඩනයහිමිවේයැයි බියෙන් සිටින මත්කුඩුමෝරුන් ගණනාවකි. වෙලේ සුදා, වෝඩ් ප්ලේස් සියාම් ආදීන් ඒ අතර වෙති. මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන්නට ගියේ ඔවුන් මුදා ගැනීම පිණිස ය. එය ක්‍රියාත්මක කරන්නට ගියේ ජාත්‍යන්තරකුඩු මෝරුන්ගේ මෙහෙයවීමෙනි.

වෝඩ් ප්ලේස් සියාම්, හිරගෙදර සිටිමින් ඉන්දියාව හා ඩුබායි අතර රත්රන් ජාවාරමත්, ඉතාලියට නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගෙන යාමේජාවාරමත් මෙහෙයවූ ප්‍රබලයකු විය. මත්කුඩුජාවාරම්වලට අමතරව සියාම් මෙමජාවාරම්ද කරගෙන ගියේ ය. සියාම්ට විදෙස් මාෆියාවන්සඳහා භාවිත කරන්නට නැව් පවා තිබී ඇති බව බුද්ධි අංශ වාර්තා කියන්නේය.

එල්ලුම්ගස ක්‍රියාත්මක කරන්නට සූදානම් වීමත් සමග සියාම්ට අයත් නැවක් විකුණන්නට භාර කර තිබී ඇත්තේ ඩුබායි සිටින මාකඳුරේ මධුෂ්ටය. මධුෂ් අබුඩාබි පොලිසිය මගින් අත්අඩංගුවටගත් පසුව සියාම්ගේ නැවක් විකුණන කාර්ය භාරදී ඇත්තේ ගොනාකොවිලේ අංජුටය.

නැව විකුණා ලබාගත් මුදලින් රුපියල් කෝටි ගණනක් වියදම් කර හිරෙන් පනින්නට සියාම් ඇතුළු පිරිස සැලසුම් කරන්නේ අංජුලාගේම සහායෙනි.

සයනයිඩ් මෙහෙයුම මගින් මුදා ගන්නට තිබුණේ සියාම් මෙන්ම රටටම කුඩුබෙදූ වෙලේ සුදා, කුඩුනිලූ හා මට්ටක්කුලියේත්, මැගසින් පාරේත් කුඩුප්‍රබලයන් පස් දෙනකු බව බස්නාහිර පළාත් බුද්ධි ඒකකයද තොරතුරු අනාවරණය කර ගෙන තිබිණි.

වෙඩිතබා ගෙන කැරැල්ලක්මෙහෙයවුවත් පිටතට යාමේදී කොටුවන බව දන්නා නිසා මොවුන්ගේ සැලසුම වී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන්ට සයනයිඩ් එන්නත් කර රහසිගතව පලායාමටය.

ඒ සඳහා අවශ්‍ය අවි ආයුධද පිටතින් සූදානම් කර තිබුණු බවටද අනාවරණය වෙමින් ඇත.

බන්ධනාගාර ආරක්ෂාවට සිටින නිලධාරීන්ට රාත්‍රී කාලයේ දී සයනයිඩ් එන්නත් කර අවිගබඩාව බිඳ අවිආයුධලබා ගෙන බන්ධනාගාර බස්වලින්ම පැමිණ වැලිකඩ රඳවා සිටින මරණදඬුවමනියම වූ සිරකරුවන් මුදා ගැනීම මෙහෙයුමේ සැලසුම වී තිබිණි. ඒ බව බුද්ධි​ තොරතුරු අංශවලට සැලවී තිබුණේය. මැගසින් බන්ධනාගාරය තුළට සයනයිඩ් කරල් යවා බන්ධනාගාර නිලධාරීන්ට එන්නත් කර මරණීයදණ්ඩනය නියමු වූ සිරකරුවන් පන්නන කැරැල්ලක්ගැන මුලින්ම බුද්ධි තොරතුරු ලැබී තිබුණේ බස්නාහිර පළාත් බුද්ධි ඒකකකයේ සැරයන් ගාමිණී (9574)ටය.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් පෙරේරා මෙම සඳුදා (08) සවස 3.00ට පමණ බන්ධනාගාර බුද්ධි අංශය භාර සහකාර අධිකාරී ගාමිණී දිසානායකට හදිසියේ ලබාදුන් තොරතුරකින්, බිහිසුණුසැළැස්ම සාක්ෂි පිටම අනාවරණය විය.

සැරයන් ගාමිණීගේ තොරතුරු මත බන්ධනාගාර බුද්ධි අංශය දැනුවත් කිරීමත් සමග මැගසින් බන්ධනාගාරයේ බී වාට්ටුව ඒ මොහොතේම හදිසි පරීක්ෂාවකට ලක් කෙරිණි. පරීක්ෂාවේදී බන්ධනාගාර ඉතිහාසයේ පළමු වතාවට සිරකරුවන් සන්තකයේ තිබී සයනයිඩ් ඩප්පි දෙකක් හා එන්නත් කිරීමට භාවිත කරන සිලින්ජර් දෙකක් සොයාගත්තේ සමස්ත බන්ධනාගාර දෙපාර්තමේන්තුව සලිත කරමිනි. සයනයිඩ් ඩප්පි හමුවන්නේ “තරාලේ සුරංග” නමැති අපරාධකරුගේකොට්ටයක් යට තිබියදීය. තරාලේ සුරංග ප්‍රසිද්ධව සිටියේ කුඩුපැකට් එකටත් මිනීමරන්නකු ලෙසිනි. පාතාලලෝකය පුරාවට ඔහු ප්‍රකටව සිටියේ ගල්කිස්ස ගොනාකෝවිලේ අංජුගේ පාතාලකල්ලියට අයත් ගෝලයකු වශයෙනි. ​

තරාලේ සුරංගට ඩුබායි සිට සයනයිඩ් යවන සැලසුම සකස් කරන්නේ ගොනාකෝවිලේ අංජුය. අංජු, මිනිස්ඝාතන රැසකට හා මත්කුඩුජාවාරම්සම්බන්ධයෙන් ඔහු පොලිසියට අවශ්‍යව සිටින තැනැත්තෙකි. කෙසේ වෙතත් වර්තමානයේ ඩුබායි රාජ්‍යයට පැන අපරාධමෙහෙයවනපාතාලනායකයෙකි.

තමාගේ ප්‍රතිවිරුද්ධ පාතාලකල්ලිප්‍රබලයා වන ගොනාකෝවිලේ රොහා (හැරල්ඩ් රෝහණ) ඝාතනයකරන්නට 2017 ගල්කිස්ස උසාවියට පිස්තෝලදෙකක් සමග තම සාමාජිකයකු යවන්නේද අංජුය.

ඩුබායි සිටින අංජුට, මෙවර ලැබෙන කොන්ත්‍රාත්තුව වන්නේ අලුත් අවුරුද්දට බන්ධනාගාර ආරක්ෂාව ලිහිල් වෙද්දීමරණීය දණ්ඩනයනියමව සිටින මත්කුඩුජාවාරමුන් මුදවා ගැනීමේ මෙහෙයුමක් දියත් කිරීමයි.

බුද්ධි ඒකක වලට ලද තොරතුරුවලට අනුව ඔවුන් මැගසින් බන්ධනාගාරයේ සිටින අංජුගේ ප්‍රතිවිරුද්ධවාදියා වන ගොනාකෝවිලේ රොහාවත් මෙම සැලසුමේදීම ඝාතනයකරන්නටසැලසුම් කර ඇත.

මැගසින් බන්ධනාගාරයට සයනයිඩ් එවන්නට නම් නිලධාරීන්ගේ සහායක්ද ලැබෙන්නට අවශ්‍යය. ඒවා ටෙනිස් බෝලයක දමා තාප්පයෙන් පිටතට විසි කර ඇති වග මුලදී කියවුණද එය ප්‍රායෝගික නොවන්නකි. බන්ධනාගාර නිලධාරීන් ලජ්ජාව වසාගන්නට ටෙනිස් බෝල කතාව කිව්වද වැලිකඩ තාප්පය දෙසින් ඇතුළට එවීමට හැකි වුවත් මැගසින් බන්ධනාගාරයට එවීම ප්‍රායෝගික නැත. එබැවින් සැක පහළ වී ඇත්තේ බත් පාර්සලයක මුරුංගා කරල් හෝ අඹ මාළුවට ගන්නා අඹ ඇට ඇතුළේ රඳවා මේවා එවූ බවටය. එයටත් දූෂිතනිලධාරියකුගේ හෝ සහාය ලැබුණාද යන්න තවම සොයාගෙන නැත.

සිංහල අලුත් අවුරුද්දට බන්ධනාගාර නිලධාරීන් නිවාඩු යන නිසා ආරක්ෂාවට යොදන පිරිස අඩුවන බව සිරකරුවන්ද දන්නා රහසකි. සාමාන්‍ය දිනවල පහළොස් දෙනකු පමණ රාජකාරි කළද අවුරුදු දවස්වල ආරක්ෂාවට මෙතෙක් කාලයකට රාජකාරිවල යෙදුණේ පස් දෙනකු පමණය. එය සිරකරුවන්ද දනිති. මේ වසරේත් එය වෙනසක් නොවන බව ඔවුන්ගේ තක්සේරුව විය.

වැලිකඩ මරණදඬුවම් නියම වූ 280 දෙනකුගේ ආරක්ෂාවටත් සිටින්නේ මෙවන් අඩු පිරිසකි.

‘‘ජනාධිපති කන්ඩම් එක දුන්නොත් උන්නත් එකයි මළත්එකයි’’ කියලා වෙලේ සුදාලා කට්ටිය කෝටි දහයක් හරි උඹලගේ එවුන්ට වියදම් කරලා හරි අවුරුදු කාලේ හිරෙන් පනින්න පුළුවන් යැයි බුද්ධි නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන්ට ද අනතුරු අඟවන්නේ මෙවන් වටපිටාවකය.

සිංහල අලුත් අවුරුද්දට අවුරුදු උත්සවය පැවැත්වෙන දිනයේ ජාවාරමුන්ගේවියදමින් සංගීත කණ්ඩායමක් ගෙන්වා සිරගෙදරට මත්පැන්ගෙනවිත් එය සමරන අතරේ පලායාමඔවුන්ගේ සැලසුම වියහැකිව තිබිණැයි පරීක්ෂණ නිලධාරීන් අනුමාන කරති. පසුගිය වසරවල රුපියල් ලක්ෂ ගණන් වියදම් කර සංගීත කණ්ඩායම් ගෙන්වා සිරගෙදරජාවාරම්කරුවන් බන්ධනාගාර නිලධාරීන් ‘‘සූර් කළ’’ අවස්ථා ගැන මාධ්‍යවලට පවා තොරතුරු ලැබුණේය. මෙවරද එවන් සැලසුමකට සියාම්, වෙලේ සුදා වැන්නවුන් වියදම් කළා විය හැකිය.

සිරකරුවන් හිරෙන් පන්නන සැලසුමකට අනුව ගෙන ආ බව කියන ආයුධසොයා වැලිකඩ බන්ධනාගාරය පුරා සෝදිසි මෙහෙයුමක් ද ‌මේ අතරේ ක්‍රියාත්මක විය.

බේබි බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලයක්හා පිටතට වෙඩිශබ්ද නොඇසෙන සයිලන්සර් යෙදූ නවීනඅවි දෙකක් මෙසේ රැගෙන ආ ආයුධඅතර තිබෙන බවට බුද්ධි අංශවලට ලද තොරතුර වූයේය. වැලිකඩ බන්ධනාගාරය තුළට බේබි බ්‍රවුනින්පිස්තෝලය රහසිගතව ගෙනවිත් ඇතැයි ලද තොරතුරු මත බන්ධනාගාර බුද්ධි අංශ දින ගණනක පටන් වැලිකඩ බන්ධනාගාරය පීරමින් මෙහෙයුමක් අරඹා ඇත.

සයිලන්සර් යෙදූ නවීන අවි දෙකක් වනාතමුල්ලෙන් බන්ධනාගාරයේ පසුපස දොරටුව පිහිටි බන්ධනාගාර ක්‍රීඩාංගණයේ රහසිගතවසඟවා ඇතැයිද බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබිණ. ඒ අනුව මෙම සෝදිසි මෙහෙයුම් ඇරඹිණි.

‘‘හිරගෙදර සිටින යුද හමුදාවෙන්පලාගිය කමාන්ඩෝ, එස්.එෆ්. පුහුණුව ලබපු අය මේ මෙහෙයුමට යොදාගන්න ගිය බවට තහවුරු වෙනවා. පාතාලයේඅය බන්ධනාගාර නිලධාරීන්ටත් වඩා හොඳම ෂූටර්ලා, ට්‍රේනින් අය කව්ද කියලා අඳුනනවා. සැකකරුවන්ගෙන් සියයට තිහකටත් වඩා ඉන්නේ හමුදා පුහුණුව තියෙන අයයි. බන්ධනාගාර නිලධාරින්ට අවි පුහුණුව ලැබෙන්නේ එකම එක වතාවයි. ඒ නිසා මේක ක්‍රියාත්මක වුණා නම් රටම හොල්ලනමෙහෙයුමක් වෙනවා. සිද්ධියක් වුණා නම් කිහිප දෙනකුගේ වැඩ තහනම්කරයි. එච්චරයි. දැනටමත් බන්ධනාගාර නිලධාරීන් මේක පිළිගන්න අකැමැතියි. නමුත් මෙය බරපතළදෙයක්’’ යැයි විමර්ශන නිලධාරීහු පෙන්වා දෙති.

දැනට ඇති තොරතුරු අනුව සයනයිඩ් කරල් එවා ඇත්තේ හලාවත දෙසිනි. මේවා එල්.ටී.ටී.ඊ. ය සතුව තිබුණු සයනයිඩ් විය හැකිය. පාතාලයහාඑල්.ටී.ටී.ඊ. සබඳතා දැනට කොළඹ අපරාධකොට්ඨාසය භාරයට ගත් අප්පන් (වේන්ද්‍රන්) කූගන් සාමි නමැති අයියර් ඇතුළු දොළොස් දෙනකුගෙන් ප්‍රශ්න කිරීම්වලදීත් අනාවරණය වෙමින් තිබෙන මොහොතක සයනයිඩ් මෙහෙයුම එළියට පැමිණි ආකාරය මහත් කුතුහලය දනවයි.

මාකඳුරේ මධුෂ්ගේ දෙවැනි බිරිඳගේ හිටපු සැමියා වන මහරගම කළු තුෂාර වැලිකඩ හිරගෙදරින් පන්නා මුහුදෙන් රටින් පලා යාමට වෙනමම ට්‍රෝලර් යාත්‍රාවක් පවා මිලදී ගත් වග එවකට හෙළිවිය. 2012 වැලිකඩ බන්ධනාගාර කැරැල්ලෙන්කළු තුෂාර මරුමුවටපත් නොවුණා නම්, අද ඩුබායි රාජ්‍යයේ මධුෂ් වෙනුවට රජකරන්නේ කළු තුෂාරය. ඒ මධුෂ් කලු තුෂාරගෙන් පසුව බිහි වූ චරිත නිසාය.

2002 ජූලි 01 දා තංගල්ල බන්ධනාගාරයේ ආයුධගබඩාව කඩා ටී 56 අවි 12ක් සහිතව ජූලම්පිටිය අමරේගේ නායකත්වයෙන් මෙහෙය වූ කැරැල්ලටවඩා මෙය විශේෂ වන්නේ කාටත් හොරෙන් බන්ධනාගාරයෙන් පන්නන මෙහෙයුමක් ලෙස මෙහෙයුම සැලසුම් කර තිබූ නිසාය. මෙම මෙහෙයුමේදී කුඩුජාවාරමුන් එල්ලන්නටතිබියදී හිරෙන් පැන්නා නම් රටක් ලෙස ලජ්ජාවට පත්වන්නේ රට කරවන්නන්ය.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශේෂඥ දැනුම ඇති නිලධාරියකු පැවසුවේ සිලින්ජරයකට සයනයිඩ් දමාගෙන ඇනගෙන ගියා නම් එකවර දස දෙනකුගේ වුවද ජීවිතඅවසන් වීමට ඉඩ තිබූ වගය.

බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ තොරතුරට බන්ධනාගාර බුද්ධි නිලධාරීන් ක්‍රියාත්මක නොවුණා නම් මෙම සැලසුම රටම හොල්ලන මෙහෙයුමක්වීමට ඉඩ තිබිණ.

උපුටා ගැනීම – www.aruna.lk