ගෝඨාව ඇමෙරිකාවේදී හිර වූ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කල කතාව එළියට එයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකා එක්සත් ජනපදය වෙත පසුගිය දා පිටත්ව ගියේ සිය පුරැවැසිභාවය ඉවත් කර ගැනීම සදහා ය.එය දේශපාලන රංගනයක පෙරහුරුවක් බව ට තොරතුරු හෙළි ව තිබේ.කිසිදු ආකාරයකින් ඉවත් කර ගත නොහැකි මෙම පුරවැසිභාවය ඉවත් කර ගැනීමට උත්සාහ කරනු ලබන රංගනය ඉදිරිපත් කර පසුව ඇමරෙිකාවේදී එල්ල වන බාධා නිසා පුරවැසිභාවය ඉවත් කර ගැනීමට නොහැකි වූ බව පෙන්වමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී සිටිමට ය.

එහීදි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිළධාරින් මුණ ගැසුණු ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන්ගෙන් විමසා තිබෙන ප්‍රශ්න පිළිබදව තොරතුරු අනාවරණය වී තිබේ.

එහිදි තම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ පහසුම ක්‍රියාමාර්ගය පිළිබදවද,තම ඇමෙරිකානු පුරවැසිභාවයට තිබෙන වටිනාකම ද,පුරවැසිභාවය ඉවත් කරගැනීමෙන් පසුව තම දරැවන් බැලීමට යාමට හැකි ක්‍රමවේදය පිළිබද වද, විමසා තිබේ.

මේ අතර රාජපක්ෂ මහතා වැඩිදුරටත් විමසා තිබෙන්නේ පුරවැසිභාවය ඉවත් කරගත් පසුව එය නැවත අවශ්‍ය නම් ලබා ගැනීමට අවශ්‍ය ක්‍රමවේදිය පිළිබදව ද විමසා තිබේ.පසුව ග්‍රීන් කාඩ් හෝ ස්ථිර පුවැසිභාවය(PR) ලබා ගත අයුරු පිළිබදවද විමසා තබෙන අතර ඒවායින් ලැබෙන වරප්‍රසාද පිළීබදව ද විමසා තිබේ.

විශේෂයෙන් ම ඇමෙරිකාවේ ඇති තම දේපල සම්බන්ධයෙන් ද ඇති නිත්‍යානුකුල තත්වයද විමසා තිබෙන අතර තම දේපල දරුවන්ට පැවරිමේදි ඇති වන නිත්‍යානුකූල තත්වය ද විමසා තිබේ.

එලෙස පුරවැසිභාවය සම්බන්ධ ප්‍රශ්නවලට පිළිතුරු දුන් රාජ්‍ය දෙපාර්තමේන්තු නිළධාරීන් පවසා තිබෙන්නේ එහි මූලික කටයුත්ත ලෙස ඔහුගේ ඇමෙරිකානු විදේශ ගමන් බලපත්‍රය රාජ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙ ස.

නමුත් එය කළ නොහැකි නිසා සහ ඒ මොහතේම අධිකරණයට නඩු පැවැරීමත් යන කාරණා නිසා විදේශ ගමන් බලපත්‍රය ද ගෝඪෘභය ලගා තබාගෙන ද තිබේ.

විශේෂයෙන්ම මීට මාස කිහිපයකට පෙර ගොඨාභය රාජපක්ෂ මහතා ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සාට දැනුම් දෙනු ලැබුවේ,පියාව නැසුවන් සම්බන්ධව තොරතුරු ඇයට පැවැසිය හැකි බව ය.නමුත් ඇය එය උසාවියට පවසන ලෙස ද කියා සිටියේ ය.එහි ප්‍රතිඵලයක් ලෙස අහිම්සා වික්‍රමතුංග මහත්මය එයට අවස්ථාව ලබා දෙමින් කැලිෆෝනියානු අධිකරණය නඩු පවරනු ලැබීය.

අවසානයේ ගෝඨාභය රාජපක්ෂ හිර වුණේය .මෙම හිරවීම හමුවේ ගෞරවාන්විතව ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී පුරවැසිභාවයත් ඉවත් කර නොගෙන ප්‍රකාශයක් සිදු කරමින් මෙම හේතු නිසා තමන්ට පුරවැසිභාවය ඉවත් කර ගැනීමට නොහැකි වූ හේතු සදහන් කරමින් ජනාධිපතිවරණ භූමිකාවන් ඉවත් වීම සදහා මෙම දේශපාලන රංගනය සැලසුම් කර තිබේ.