ජනපති අපේක්ෂකයා ගැන මතභේද නැහැ – අපේක්ෂකයා ‌මෛත්‍රි – මහින්ද කියයි

ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂ සන්ධානය තුළ මතභේදයක් මතු නොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. සියයට 51 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගත හැකි අපේක්ෂකයෙකු සිය කණ්ඩායම ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවද මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා. 

අද (19) නුවරඑළිය වලපනේ මන්දාරම් නුවර ප්‍රදේශයේ සංචාරයකට එක් වූ විපක්ෂ නායකවරයා එහිදි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මෙම අදහස් පලකලා. 

විපක්ෂය තුල මතභේදයක් ඇතිවන්නේ නැහැ. අපේ අවසන් තීරණය ගත්තට පස්සේ. ජනතාව බුද්ධිමත්. ජනතාව දන්නවා. මේ රටේ ජනතාවට වතුර නැහැ, ජලය නැහැ. අඩුම තරමේ මේ වතුකරයේ ජනතාව ඉල්ලපු රු. 1000 වැටුප අවුරුද්දට කලින් දෙන්න මේ ආණ්ඩුවට බැරි වුනා. අපේ කාලයේ ඉල්ලපු ගැන දුන්නා. දැන් වතුකරයේ ජනතාවට සිතන්න කාලය ඇවිත් තියෙන්නේ, විපක්ෂ නායකවරයා කියා සිටියා.