මම පසුගිය වසර දෙකේම කණ්ඩායම වෙනුවෙන් කැප වුණා – දැන් කණගාටුයි – දික්වැල්ල

2019 වසරේ මැයි මස අග පැවැත්වෙන ලෝක කුසලානය සදහා ශ්‍රි ලංකා සංචිතය ඊයේ දිනයේදී ප්‍රකාශයට පත් කරනු ලැබීය.

කෙසේ නමුත් මෙම සංචිතයෙන් ප්‍රබල ආරම්භක පිතිකරුවන් ලෙස කලක් කණ්ඩයාමේ දස්කම් පෙනවූ නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක සංචිතයෙන් ඉවත් කර තිබුණි.

කෙසේ වෙතත ලෝක කුසලාන සංචිතයේ තමන් නොමැති වීම පිළිබදව දික්වැල්ල අදහස් පල කර තිබේ.

එහිදී දික්වැල්ල පවසා තිබෙන්නේ තමන් පසුගිය වසර දෙකෙහිදීම කණ්ඩායම වෙනුවෙන් කැපවූ බවත් තමාට වැරදුණු තැන් ඇති බවත් ය.

කේසේ වෙතත් දැන් තමන් දැඩි ලෙස ඒ සම්බන්ධයෙන් කණගාටුවට පත් වන බවද දික්වැල්ල සිය මිතුරන් සමග පවසා ඇතැයි වාර්තා වේ