යාපනය සරසවියේ නවක සිසුවියන් සමග Threesome කරපු හින්නෝ ‌මෙන්න…!

මේ දිනවල රජයේ විශ්ව විද්‍යාලවල ක්‍රියාත්මක අමානුෂික නවකවදය පිළිබදව සමාජයේ කතාබහක් ඇතිවිය. ඒ සමග යාපනය විශ්ව විද්‍යාලයේ ක්‍රියාත්මක ලිංගික ක්‍රියාකාරකම් සහ අපහරණ පවා ඇතුලත් නවකවද පිළිබඳවද වාර්තා විය.

යාපනය විශ්වවිද්‍යාලයේ මෙලෙසින් නවක සිසුවියන්ට ලිංගික බලපෑම් කරමින් නවක වධය දුන් ජ්‍යෙෂ්ඨ සිසුන් සියලූ‍ දෙනාගේම පන්ති තහනම් කොට තිබෙන බව විශ්ව විද්‍යාලීය උපකුලපතිවරයා පවසනවා. නවක සිසුවියන්ට අශීලාචාර අන්දමට නවක වදය දුන් බව කියන තුන්වන වසර හා දෙවන වසර සියලූ‍ම සිසුන්ගේ පන්ති තහනම් කොට ඇත්තේ මේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා අවසන් වන තුරු යැයිද වාර්තා වේ.

උපකුලපතිවරයා විසින් ගන්නා ලද තීරණයට අනුව එම ජ්‍යෙෂ්ඨ සිසුන්ට යාපනය විශ්වවිද්‍යාල භූමිය තහනම් කලාපයක් බවට ද දැනුම් දී තිබේ. ඒ අනුව ලබන 22 දා සිට ආරම්භ වන කිසිදු දේශනයකට සහභාගී වීමට හෝ විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල ඇති දේ රැගෙන යෑමට හෝ කිසිදු අවශ්‍යතාවයක් මත විශ්වවිද්‍යාල භූමියට ඇතුළු අදාළ වීම ජ්‍යෙෂ්ඨ සිසුන්ට තහනම් වෙයි.

නවක සිසුවියන්ට බලහත්කාරායෙන් නවක වධය දෙමින් ඔවුන් විවිධ  ලිංගික ක‍්‍රියාකාරකම්වලට යෙදවූ බවට නවක සිසුවියන්ගෙන් පැමිණිලි ලැබී ඇති අතර එම සිද්ධීන් ජංගම දුරකථනයක ආධාරයෙන් වීඩියෝ කළ පළමු වසරේ සිසුන් පිරිසකට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් පහර දීමක් ද සිදුකොට තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයේ සිදුවූ එම සිද්ධීන් දෙකම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් උපකුලපතිවරයාගේ නියමයෙන් ආරම්භ වී ඇති අතර සිද්ධිවලට මුහුණ දුන් නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීම ද ආරම්භ කොට තිබේ.