කොළඹ ෂැංග්‍රීලා හෝටලය වසා දැමේ

නැවත දැනුම් දෙන තුරු කොළඹ ෂැංග්‍රීලා හෝටලයේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව නවතා දැමීමට එහි කළමනාකාරිත්වය තීරණය කර තිබෙනවා. එම හෝටලයට එල්ල වූ ප්‍රහාරයත් සමගින් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ.

ඊයේ (21) හෝටලයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් තමන්ගේ සේවකයින් තිදෙනෙක් සහ විදේශිකයින් රැසක් තුවාල ලබා ඇති බවත්, ඊට අමතරව තවත් පිරිසක් මියගොස් ඇති බව හෝටල් කළමනාකාරිත්වය නිවේදනය කරනවා. 

මේ වන විට විපතට පත්ව සිටින විදේශිකයින්ට අවශ්‍ය සහන සැලසීම, තුවාල ලබා සිටින සංචාරකයින් සහ සේවකයින්ගේ අවශ්‍යතා සොයා බැලීමට හෝටල් කළමනාකාරිත්වය විසින් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.