ත්‍රස්ත ප්‍රහාර පිටුපස මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ?

ඊයේ(21) දින ශ්‍රී ලංකාවාසී සියළු දෙනාගේ නෙතගට කදුළු නැංවූ දිනයක් බව නොරහසකි. පුද්ගලයින් 250කට අධික පිරිසකට මරු කැදවමින් මෙන්ම 400කට අධික පිරිසකට තුවාල සිදු කරමින් ශ්‍රී ලංකාවේ ස්ථාන 8 බෝම්බ පුපුරා යාම ඊට හේතුවයි.

ලැබෙන රහස් වාර්ථා වලට අනුව කියවෙන්නේ ලංකාවේ දැනට ක්‍රියාත්මක කරගෙන යන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ මීට ප්‍රධාන හේතුව බවත් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් පිටුපස ඉරාන බංග්ලාදේශ පාකිස්තාන ඇතුළු විදේශ රටවල් බහුතරයක සංවිධාන පවතින බවත්ය.

තව දුරටත් මෙම වාර්ථා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සාරවත් වෙළෙඳපොළක් බවට පත් කරගෙන සිටි මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මිසක ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් එල්ල කිරීමට වෙනත් කිසිදු සංවිධානයකට තර්කානුකූල අවශ්‍යතාවයක් හෝ හේතුවක් නොතිබූ බවයි.

එමෙන්ම අති උතුම් මැල්කම් කාදිනල්තුමාද පසුගිය කාලය පුරා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සංවිධානාත්මක ව්‍යාපාරයක් ගෙන ගිය අතර ධීවරයින් අතර මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම වෙනුවෙන් අනවරථ අරගලයක යෙදුණේය.මත්ද්‍රව්‍ය වලට එරෙහි පා ගමනක් පවා එතුමන් විසින් සංවිධානය කර තිබූ අතර එය නිසැකයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දැඩි නොසන්සුන්තාවයකට හේතු වී තිබිණ

කෙසේ වෙතත් ලෝක මට්ටමේ මත්ද්‍රව්‍ය ජාවාරම ඉතාමත් සංවිධානාත්මක බවත් මත්ද්‍රව්‍ය වලට එරෙහි ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට ගෙන යාමේදී මෙවැනි බාධා රැසක් මතු විය හැකි බවත් ඉදිරියේදී එවැනි තර්ජන වලට මුහුණ දීම සදහා නව වැඩපිළිවෙළවල් රැසක් අවශ්‍ය වනු ඇති බවත් දැන් පසක් කර ගත යුතුව ඇත.