දෙමටගොඩ පිපිරීමේ සිද්ධියට 13ක් අත්අඩංගුවට

දෙමටගොඩ ප්‍රදේශයේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් සැකකරුවන් හා සැකකාරියන් 13 දෙනෙක් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ 13 දෙනාගෙන් 10 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කර සිටියේ.