තමන්ව දැනුවත් නොකළ බව ජනපති කියයි

අන්තවාදී කණ්ඩායමක ප‍්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් සම්බන්ධයෙන් කිසිඳු පාර්ශ්වයක් තමන් දැනුවත් නොකළ බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර තිබෙනවා.

ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළ බව සඳහන්. 

මේ අතර අද (23) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේද කැබිනට් රැස්වීමක් පැවැත්වෙනවා. ඉකුත් සතියේ අලුත් අවුරුදු නිවාඩු යෙදී තිබූ බැවින් කැබිනට් රැස්වීම පැවැත්වූයේ නැහැ. සාමාන්‍යයෙන් කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ අඟහරුවාදා දිනයේ වන අතර ඒ අනුව අද පෙරවරු 10.30 ට කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවේදී රැස්වෙනු ඇති.