පිපිරීම් කළ සැකකරුවන්ට කුලී නිවස දුන් හිමිකරු අත්අඩංගුවට

දිවයිනේ සිදු වූ අන්තවාදී ප‍්‍රහාර මාලාවන්ට සම්බන්ධ සැකකරුවන්ට කුලී පදනම මත පානදුර, කෙසෙල්වත්ත, පරත්ත පාර, ෂෙරිෆ් මාවත ප‍්‍රදේශයේ නිවසක් ලබාදුන් එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි රැඳී සිටි සැකකරුවන් විසින් හිමිකරුට රුපියල් හත් ලක්‍ෂ අසූ දහසක මුදලක් අත්තිකාරම් වශයෙන් ලබාදී ඇති බවයි අනාවරණ වී ඇත්තේ. අත්අඩංගුවට ගැණුනු හිමිකරුගෙන් තවදුරටත් ප‍්‍රශ්න කිරීම් සිදු කෙරෙනවා.

මේ අතර මෙම පිපිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින් දෙදෙනෙකු නවාතැන් ගෙන සිටි පානදුර කෙසෙල්වත්ත, පරත්ත, ශෙරිෆ් ප‍්‍රදේශයේ පිහිටි නිවසද රස පරීක්‍ෂකවරයාගේ නිරීක්‍ෂණයට ලක් වුණා. අදාළ නිවස අදාළ පිපිරීම් සඳහා බෝම්බ සැකසීමට යොදාගත් නිවසක් බවටද අනාවරණ වී තිබෙනවා.