දර්ගා නගරයේදී 06ක් අත්අඩංගුවට – නිවසක් තුළින් වෝකිටෝකි යන්ත්‍රත් සොයා ගනී

අළුත්ගම දර්ගා නගරයේ දී ඊයේ (23) රාත්‍රියේ පුද්ගලයින් 06 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකපිට මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර මීට අමතරව බේරුවල කංකාවන්ගොඩ ප්‍රදේශයේදී ද පුද්ගලයින් 05 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට අමතරව කටාන පොලිස් වසමේ කටුවාපිටිය ප්‍රදේශයේදී පුද්ගලයින් 06 දෙනෙකු ඊයේ රාත්‍රියේ සිදු කෙරුණු මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගැණුනා.

වරකාපොල අගුරුවැල්ල පාර මස්ජිත් මාවගේ නිවසක් වරකාපොල පොලිස් ස්ථානයේ නිලධාරීන්  සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් හා බුද්ධි අංශ නිලධාරීන් එක්ව පරීක්ෂා කර ඇති අතර එහිදී අදාළ නිවසේ තිබී යතුරුපැදියක් සහ වෝකිටෝකි යන්ත්‍ර 04ක් සොයාගෙන තිබෙනවා. එහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට පත් වුණා.