බෝම්බකරු බිරියගෙන් සමුගෙන ඇත්තේ වෙනස්ම ආකාරයෙන්….!

මෙම ප්‍රහාරයේ එක් ප්‍රධාන සැලසුම්කරුවෙක් වන ඉන්ෂාෆ් අහමඩ් මහනුවර ප්‍රදේශයේ ඉපදී ඇති අතර ඔහු කොළඹ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබා ඇති බව ඔහුගේ බිරිඳගේ සොහොයුරා වන අෂ්කාන් අලාම්දින් ප්‍රකාශ කර සිටිනවා. 

ඉන්ෂාෆ් අහමඩ් නැමැත්තා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයටත් ඔහුගේ සොහොයුරා වන ඉල්හාම් ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරනු ලැබූ පුද්ගලයින් බවට හඳුනාගෙන තිබෙනවා.

” ඔහු අපේ පවුල විනාශ කළා පමණක් නොවෙයි ලොවපුරා සිය ගණනක් පුද්ගලයින්ගේ ජිවිත විනාශ කළා” යැයි අෂ්කාන් අලාම්දින් බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් වෙබ් අඩවියට ප්‍රකාශ කර සිටියා. 

 ඔහු කුමක් සිදුකරන්න යනවාද කියා අප දැනන් උන්නේ නැහැ. එහෙම දැනුවත් වීමක් තිබුන නම් අපි ඒ ගැන පොලිසිය දැනුවත් කරනවා. මේ ප්‍රහාරය ඉන්ෂාෆ් පමණක් සිදුකලේ නැහැ, ඔහු අපේ අනෙක් සොහොයුරා වන “ඉල්හාම්” වත් එයට සම්බන්ධ කරගෙන තිබෙනවා. ඔවුන් පිළිබදව අපට කණගාටුවක් නැහැ. ඇත්තේ කෝපයක් පමණයි. ඔවුන්ට සැමදේම තිබුනා“, අෂ්කාන් අලාම්දින් සඳහන් කර සිටියා.

කොළඹ කිංග්ස්බරි සහ සිනමන් ගාර්ඩ්න් හෝටල් දෙක තුළදි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් එල්ල කර ඇත්තේ මෙම ඉන්ෂාෆ් සහ ඉල්හාම් සොහොයුරන් බවට තොරතුරු හෙළිවි තිබෙනවා.

” මේ සිදුවීමට පෙර ඔහු සිය බිරිඳට කියා තිබෙනවා තමන් ව්‍යාපාරික කටයුත්තක් සඳහා සැම්බියාවට යන බව. ඒ අනුව ඔහුගේ බිරිඳ ඉන්ෂාෆ් අහමඩ්ව ඉකුත් සිකුරාදා ගුවන් තොටුපළට ගොස් ඇරලවා තිබෙනවා. ඒ පස්වරු 6.50 ට පිටත්වීමට තිබෙන බවට සඳහන් කළ ගුවන් යානයට. එහිදී ඉන්ෂාෆ් සිය බිරිඳට සමුදී ඇත්තේ වෙනස්ම ආකාරයටයි.”

” ඔහු ඇයව තදින් බදාගෙන ඇයගේ බෙල්ල ස්පර්ශ කරමින් සිටියා. ඔයා ශක්තිමත්ව ඉන්න ඕනේ, එය වෙනස්ම ආකාරයේ සමුගැනීමක්. පසුව මෙම බෝම්බකරු පසුගිය ඉරිදා උදෑසන 7.30ට පමණ සිය බිරිඳට දුරකථන ඇමතුමක් ලබාදී ඇයගේ සැපදුක විමසා තිබෙනවා. ඒ ඔහු කොළඹ පිහිටි ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් තුලදී සිය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට පැයකට පමණ පෙරදී.

කවුද සිතුවේ ඉන් පැයකට පසුව ඔහු මෙවන් දෙයක් සිදුකරයි කියා” අෂ්කාන් අලාම්දින් වැඩිදුරටත් කියා සිටියා.