මරාගෙන මැරෙන බෝම්බ සාදා ඇත්තේ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ….!

පසුගියදා කොළඹදී  පුපුරුවා හරින ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් සඳහා යොදා  ගත් බෝම්බ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කර්මාන්ත ශාලාවේදී නිපදවන්නට ඇති බවට සැකපළ වී තිබෙනවා. මෙම තඹ කර්මාන්ත ශාලාව මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරනු ලැබූ ඉන්ෂාෆ් අහමඩ් යන අයට අයත් බවට වැල්ලම්පිටිය පොලිසිය ඉකුත්දා කරුණු අනාවරණය කර ගෙන තිබුනා.

මෙම ප්‍රහාරයෙන් පසුව පොලිසිය විසින් ඉන්ෂාෆ්ට අයත් කොළඹ වැල්ලම්පිටියේ පිහිටි තඹ කර්මාන්ත ශාලාව පරික්ෂාවට ලක් කොට එහි කළමනාකරු, සුපවයිසර්වරයා, තාක්ෂණික කටයුතු පිළිබද නිලධාරියා ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදියි.

මෙම කර්මාන්ත ශාලාව පරික්ෂා කළ විමර්ශකයින් සැකකරන්නේ එම ස්ථානයේදී ඉන්ෂාෆ් ඇතුළු බෝම්බකරුවන් කොළඹදී පුපුරා ගන්නා ලද මරාගෙන මැරෙන බෝම්බ සකස් කරන්නට ඇති බවයි. ඒ සඳහා ඔවුන් ටයිරෙක්ටෝන් ට්‍රයිපෙරෝසයිඩ් (triacetone triperoxide) හෙවත් IS සංවිධානය විසින් “සාතන්ගේ මව” යනුවෙන් හඳුන්වන මුල ද්‍රව්‍ය යොදා ගන්නට ඇති බවයි.

මිට පෙර 2017 මැන්චෙස්ටර් සහ 2015 වර්ෂයේදී පැරිසියේදී IS සංවිධානය විසින් පුපුරුවා ගන්නා ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ට යොදා ගනු ලැබුවේද මෙම ටයිරෙක්ටෝන් ට්‍රයිපෙරෝසයිඩ් (triacetone triperoxide) නම් අමුද්‍රව්‍ය බවයි හෙළිවී ඇත්තේ.

පුපුරණ ද්‍රව්‍ය පිළිබද විශේෂ දැනුමක් හිමි අය සදහන් කර සිටියේ මෙම ටයිරෙක්ටෝන් ට්‍රයිපෙරෝසයිඩ් (triacetone triperoxide) නම් පුපුරණ ද්‍රව්‍ය මගින් වැඩි විනාශයක් ඇති කිරිමට හැකි බවයි.

වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ ජයාරූප පහතින් :