මාදම්පේ අරාබි පාසලක ගුරුවරයෙකු අත්අඩංගුවට – අයිතිකරුවෙකු නැති වෑන් රියකුත් තිබිලා

වීසා නොමැතිව මෙරට රැදී සිටි ඊජිප්තු ජාතිකයෙකුව මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අද (24) සවස මාදම්පේ පැරණි නගරයේ පිහිටි අරාබි පාසලේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මීට වසර හතර හමාරකට පෙර සැකකරු මෙරටට පැමිණ ඇති බව පවසන නමුත් ඔහු සතුව ගුවන් ගමන් බලපත්‍රයක් හෝ වීසා බලපත්‍ර  තිබී නැත.

තමන් මෙම අරාබි පාසලේ ගුරුවරයෙකු ලෙස සේවය කරමින් සිටි බව සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත.

පරීක්ෂාවට ලක් කරන ලද අරාබි පාසලේ ගාල් කර තිබූ හිමිකරුවෙකු නොමැති වෑන් රථයක්ද තම බාරයට ගැනීමට මාදම්පේ පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත.

වෑන් රථයේ හිමිකරු එය පාසල් භූමිය තුළ ගාල් කර කොළඹ ප්‍රදේශයට ගිය බව එම පාසලේ සිටි අය පොලීසිය හමුවේ පවසා ඇත.

මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශණ පවත්වයි.