ත්‍රස්තවාදයේ මහ ‌මොලකරුවන් අල්ලන්න රටවල් 03ක බුද්ධි අංශ ලංකාවට..!

ඉකුත් ඉරිදා ශ‍්‍රී ලංකාවේ සිදු වූ බෝම්බ පිපිරවීම් මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජාත්‍යන්තර පොලිසිය සහ තවත් රටවල් 03ක බුද්ධි අංශ නිලධාරීන් මේ වනවිට දිවයිනට පැමිණ සිටිනවා.

ඒ අතරට එෆ්. බී. අයි. සහ බි‍්‍රතාන්‍ය ස්කොට්ලන්ඞ්යාඞ් පොලිසිය ද අයත්. ඊශ‍්‍රායල බුද්ධි අංශ නිලධාරීන් ද මෙරටට පැමිණ සිටින බවයි ආරක්ෂක අංශ පැවසුවේ. ලොව දියුණු රටවල් භාවිත කරන අතිශ්‍ය දියුණු තාක්ෂණික මෙවලම් නොමැතිව ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශ මේ දක්වා සිදු කර ඇති පරීක්ෂණවල ප‍්‍රගතිය ඔවුන්ගේ ඇගයීමට ද ලක්ව තිබෙනවා.