ට්ටානීච්චූර් මවුලවි අත්අඩංගුවට ගැනී‌‌මේ ‌මෙහෙයුමට මන්ත්‍රි ‌සොහොයුරාගෙන් බලපෑම්…!

ට්ටානීච්චූර් මවුලවිවීඩියෝව දැකීමෙන් සංවේගයට පත් වවුනියාවේ දෙමළ සංවිධාන කීපයක්ම ඒ පිළිබඳව ආරක්ෂක අංශවලට පැමිණිලි කිරීමෙන් පසුව මෞලවිවරයා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම දියත් කොට තිබේ.

පොලිස් නිලධාරීන් පිරිසක් ඔහු සොයා ගිය අවස්ථාවේදී ඔහු මක්කම වන්දනා ගමනක් ගොස් ඇති බව නිවසේ උදවිය පවසා තිබේ. මෞලවිවරයාගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඊට හේතු දෙකක් හරස් වී තිබේ. ඉන් එකක් වන්නේ මේ මෞලවිවරයාගේ සහෝදරයා පළාතේ ප‍්‍රාදේශීය දේශපාලනඥයකු වීමය. අනෙක් කරුණ වී ඇත්තේ මෞලවිවරයාට නීත්‍යානූකූල භාර්යාවන් හතර දෙනකු සිටීමය.

මේ වනවිට පොලීසිය සියලූ තොරතුරු සටහන් කරගෙන ඔහු අත් අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.