පාස්කු ඉරිදා බෝම්බකරුවන්ට ඇමති සුජීව සම්මාන දී දිරිමත් කළ හැටි මෙන්න

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වූ ඉන්ෂාෆ් ඊබ්‍රාහීම් ප්‍රකට කුළුබඩු ව්‍යාපාරික පියා වන මොහොමඩ් ඊබ්‍රාහීම් සමග 2016 වසරේදී අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අතින් අපනයන සම්මාන ලබා ගැනීමට පැමිණි අයුරු මේ වනවිට විදෙස් මාධ්‍යවල වාර්තා වෙයි.

38 හැවිරිදි ඉන්ෂාෆ් ඊබ්‍රාහීම් සිය සහෝදරයා වූ ඉල්හාම් ඊබ්‍රාහීම් සමග ෂැංග්‍රි-ලා හෝලටයේ සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ භෝජනාගාර වෙත ඉතා සන්සුන්ව පැමිණ තමන්ගේ මරාගෙන මැරෙන බෝම්බ කට්ටල පුපුරුවා ගනිමින් ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කළ බව විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

ඉන්ෂාෆ් ඊබ්‍රාහීම් තම බිරිඳ හා දරුවන් සිව්දෙනා සමග කොළඹ නගරයේ, ස්ටර්ලිං පවුම් මිලියන 1.5ක පමණ වටිනාකමකින් යුතු නිවසක දිවිගෙවා ඇති බවද එම විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.