කල්මුණේ පුපුරුවා ගත් වෑන් රථයක තිබී මළ සිරුරූ 2ක් හමුවේ (PHOTOS)

කල්මුණේ ප්‍රදේශයේ දී පුපුරුවා ගන්නා ලද වෑන් රථයක තිබී මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරූ සහ ගිනි අවියක් මේ වන විට සොයා ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතිෆ් ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම එක් නිවසක් තුළද යම් පිපිරීමක් සිදුව ඇති බවත් මේ වන විට පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එම නිවස පරික්ෂාවට ලක් කරමින් සිටින බවයි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මිට අමතරව මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබෙනවා.

මේ වන විටි ප්‍රදේශයේ ආරක්ෂාව තරකර ඇති බවයි ආරක්ෂක අංශ සඳහන් කර සිටියේ.

මේ අතර ත්‍රස්තවාදින් සහ ආරක්ෂක හමුදාව අතර ඇතිවු වෙඩි හුවමාරුවට මැදිවු එක් සිවිල් වැසියෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කර සිටියා.

…………………………………………………….

කල්මුනේ වෙඩි හුවමාරුවක් (PHOTOS)

(26-04-2019 19:47)

කල්මුනේ සායිදුමරදු ප්‍රදේශයේදී පොලිසියේ, පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ ආරක්ෂක අංශ සාමාජිකයින් ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් වල නිරත භට පිරිස් සමග සමග යම්  කණ්ඩායමක් අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු සඳහන් කලේ කල්මුණේ ජුම්මා මුස්ලිම් පල්ලිය ආසන්නයේදී පිපිරීම් ශබ්දයක් ඇසීම නිසා ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරත වෙමින් සිටි එම ප්‍රදේශයට වහා පැමිණි බවයි. 

එම අවස්ථාවේදී පුද්ගලයින් 3-6ත් අතර පිරිසක ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් යුධ හමුදාව ඇතුළු ආරක්ෂා භට පිරිස් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි. මේ වන විටත් ආරක්ෂක අංශ සහ එම කණ්ඩායම අතර වෙඩි හුවමාරුවක් සිදුවෙමින් පවතින බව ඔහු සඳහන් කර සිටියා.

සමන්තුරේ ප්‍රදේශයේ යුධ හමුදාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අද (25) සවස සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය, ඩෙටනේටර්, යකඩ බෝල ලක්ෂයක්, සැකකටයුතු වෑන් රථයක්, ඉස්ලාමිය අන්තවාදීන්ට අයත් බව කියන ධජයක්, ඔවුන්ගේ නිළ ඇඳුම්, ඩ්‍රෝන් කැමරා ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගෙන ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කර සිටියා.

මේ අතර තව්හිද් ජමාද් සංවිධානයේ සාමාජිකයන් පසුගියදා සිදුකළ බෝම්බ ප්‍රහාරයට පෙර වීඩියෝ පටයක් රූගත කළ ස්ථානය ද මෙම භාණ්ඩ  හමුවූ නිවස බව ආරක්ෂක අංශ විසින් සදහන් කර සිටිනවා. පසුගියදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් නිකුත් කළ වීඩියෝ දර්ශනයේ ඔවුන් ඇද සිටින ඇදුම් වලට සමාන ඇඳුම් කට්ටලයක් සහ එම වීඩියෝ දර්ශනයේ පිටුපස තිරයද එහි තිබී සොයාගෙන තිබෙනවා.