ගිනි අවිත් සමග පුද්ගලයන් 02ක් අවුකනදී කොටු…!(PHOTOS)

ගල්නෑව පොලීසිය විසින් කළ මෙහෙයුමකදී ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අද (26) අලූයම අත් අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවටපත් සැකකරුවන් නෙල්ලියගම ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අවුකන ප‍්‍රදේශයේදී ඔවුන් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. 

සැකකරුවන් වයස අවුරුදු 35 – 40ත් අතර වයසේ පසුවන්නෝ බව පොලිසිය කියයි. 

ග‍්‍රීස් ගල්වා සකස් කරන ලද බෝර 12 වර්ගයේ ගිනි අවි දෙකක් පීවීසී බට දෙකක ඇසුරුම්කර තිබී ඇත.

සැකකරුවන් සන්තකයේ තිබී එම ගිනි අවි සදහා යොදන ජීව පතොරොම් තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් එම ගිණි අවි හා පතොරම්  අවුකන රජමහ විහාරස්ථානය හා අවුකන පොලස් මුරපොල ආසන්නයේ වූ වෙල්යායක වළ දැමීමට සූදානම් වූ අවස්ථාවේ මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් කිසියම් ත‍්‍රස්ත ක‍්‍රියාවක් සදහා යොදා ගැනීමට මෙම ගිණි අවි සගවා තබන්නට උත්සහ ගන්න ඇතැයි පොලිසිය අනුමාන කරයි. 

අත්අඩංගුවටපත් එම සැකකරුවන් දෙදෙනා හා ගිණි අවි අද 26 කැකිරාව දිසා මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.

ගල්නෑව පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශණ පවත්වයි