ජමාත් සංවිධාන රැසක 14ක් ත්‍රීකුණාමලයේදී කොටු

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ  ඊයේ (25)  දවස පුරා  සිදුකල සෝදිසි මෙහෙයුම් වලදි විවිධ ‘ජමාත්‘ සංවිධාන වල  නම් වලින් පෙනි සිටි  පුද්ගලයන්  14 දෙනෙකු  පොලිස් වසම්  හතරකදි  සැක පිට අත්අඩංගුවට ගැනිමට පොලිසිය කටයුතු කර තිබේ.

අත්අඩංගුවටගත් අය අතර  ඉන්දියානු ජාතිකයෙකු හා පකිස්ථානු ජාතිකයෙකුද  සිටින බව පොලිසිය කියයි.

කන්තලේ මුලස්ථාන පොලිසිය මගින්  “ තබ්ලික්  ජමාත්“ නමින් පෙනි සිටි හතර දෙනෙකු  මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර  ඉන්  ඉන්දියානු ජාතිකයෙකු වේ.

පුල්මුඩේ පොලිසිය මගින්  “ සිලෝන් ජමාත්“  සංවිධානය නියෝජනය කරන හය දෙනෙකු ද,  ත්‍රිකුණාමලය  මුලස්ථාන පොලිසිය මගින්  “තබ්ලික් ජමාත්“ නමින් පෙනි සිටි  තිදෙනෙකු ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර මුතුර්  ප්‍රදේශයේ රැදි සිටි  “සුන්නදූල් ජමාත් “ සංවිධානයේ  සාමාජිකයෙකු  වන පකිස්ථානු ජාතිකයෙකු ද සැකපිට  අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනිම් සම්බන්ධයෙන්  පොලිසිය ඉදිරි විමර්ශනණ පවත්වාගෙන යයි.